Wednesday, June 27, 2012

සිරස හා අපි.....




(මෙම බ්ලොග් සටහන සොරි.කොම් ෆේස් බුක් සමුහය විසින් සකස් කොට පලකල ඉහත පෝස්ටුව වෙනුවෙන් ලියවුන කමෙන්ටුවක් වන අතර ෆේස බුක් තුල මෙය පලකිරීමට තිබු ගැටලුව නිසා මෙලෙස පලකර ඇත. සංවාදයට විවෘතයි.)

            ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය සැලකීමෙදි සිරසාගමනයත් සමග ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංස්කෘතිය උඩු යටකුරු වී ගිය බව කවුරුත් දන්නා සත්‍ය කරුණකි. ඔවුන් විසින් ආරම්බ කල විවිධාකාර වැඩසටහන් නිසා සිංහල බෞද්ධ සංස්කෘතියට වු පරිහානිය සුළු පටුනොවේ. සිරස විසින් ලංකාවට ගෙනා මුල්ම වෛරසය වුයේ මෙගා ටෙලිනාට්‍යයයි. ශාන්ති වැනි ඉන්දිය මෙගා නාට්‍ය වලින් ආරම්බ වු ඒ අදුරු යුගයේ අප තාමත් ගිලී සිටියි.එකල ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් උමතුවෙන් මෙන් ඒවායෙහි නිලියන්ට ඇලුම් කරන්නට විය. ප්‍රධාන ජවනිකාව රගපැ නිලිය ලංකාවට (මතකයේ ඇති පරිදි ඇයගේ නම අනුරාධා ශ්‍රී රාම්ය )ගෙන ඒමට සිරස කටයුතු කලෝය.කටුනායක සිට මල් පොකුරු රැගෙන ඇය පිලිගැනීමට සිටි ජනකායක් සුසන්තිකා ජයසිංහ ඔලිම්පික් දිනා පැමිනෙන විට සිටියාදැයි සැකයකි.සත්‍ය වශයෙන්ම සිරස ශ්‍රී ලංකික ප්‍රේක්ෂකයාව තමාගේ ග්‍රහනයට ගත්තේ ඔවුන් මෝඩයාට අන්දලාය.ඉන්දියාවේ හෝ ප්‍රසිද්ධියක් නොමැතිව සිටි එම නිලියට ලංකාව තුල ලබා දුන් එම ප්‍රසිද්ධිය මට තවමත් මතකය.මිනිසුන් නොකා නොබී මෙගා බලන යුගයකට ඇද දැම්මේ සිරස රෑපවාහිනිය බව එකහෙලාම කිව යුතුය.

           ඔවුන්ට සිරසක් තිබුනි එයත් නිකම් සිරසක් නොව කපටි කෛරාටික සිරසකි. අපේ අයට තිබු මෝඩ සිරස ඔවුන්ගේ සිරස විසින් තව තවත් අගාධයට ගෙන ගියා මිස යහපතට යෙදුවේ නැත. සිරසට ආකර්ශනය වු ප්‍රේක්ෂක ජනයා අනිත් නාලිකා දෙස ඇසක් ඇර බැලුවේ නැත. එමනිසා ඔවුන්ද සිරස අනුකරණය කරන්නට විය. ඔවුනුත් ඉන්දියාවෙන් කුනු ගොඩාක් ගෙන සිංහලට හඩ කවා විකාශය කරන්නට විය. දැන් හොද තරගයක් ඇති වී ඇත ප්‍රේක්ෂකයා හොල්මන්ය.සිරසේ එක බලනවද ස්වර්ණවාහියේ එක බලනවද? දෙකම තියෙන්නේ එකම වෙලාවට ඒ රාත්‍රී 8ට ..පවුලේ ,තාත්තා ප්‍රවෘත්ති බැලීමටද දුව සිරසේ නාට්‍ය බැලීමටද මව ස්වර්ණවාහිනියේ නාට්‍ය බැලීමටද තරග කරයි..අන්තිමට තරගය නිමවන්නේ සමහර විටක ගෙදර බඩු එහා ගෙදර මිදුලෙන් පසුදා අහුලා ගැනීමට වන තත්වයක් නිර්මාණය වීය.සිරස පසු කලෙක ලංකාවේ නලු නිලියන් යොදවා ඉන්දියාවෙන් කැමරා උපකරණ ආදිය ගෙන්වා වසුදා වැනි නාට්‍ය කලේය.එවිට අනිත් නාලිකාද එයම අනුගමනය කරමින් ලංකාවේ නලු නිලියන් යොදා මෙගා කිරීමට අවතීර්ණ විය. මෙම නාඩගම තවත් ඉදිරියට ගෙනයමින් රන් දෙපැය (ගොන් දෙපැය) වැනි මෙගා වැලක් ඉදිරිපත් කිරීමට සිරස පසුබට නොවිණි. මෙයද අනුකරණය කල අනික් නාලිකා රාත්‍රී 7 සිට 10 දක්වා එක දිගට මෙගා පෙන්වන්නට පටන් ගති.
  
          ඇත්ත වශයෙන්ම සිරස ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයාගේ රසඥ හැකියාව දැන් විනාස කර හමාරය. සිරස විසින් කල විනාශය අනිත් නාලිකා විසින් කරන ලද විනාශය මෙන් තුන් හතර ගුණයකි. අනිත් නාලිකා එම වැරදි මාවතට ඇද දැමුවේද සිරසයි.ඔවුන් එයටද වගකිව යුතුය. මෙහිදි මෙගා ටෙලි නාට්‍ය මම නිදසුනක් ලෙස ගත්තේ සිරස විසින් සිදු කල සියලුම දේවල් සිදු වුයේ මෙගා නාට්‍ය සමාජයේ ප්‍රචලිත කරවු ආකාරයටම නිසයි. ඉන්දියාවෙන් හෝ කෙහෙන් හෝ පිට රටකින් අමු අමුවේ කොපි කරන වැඩසටහන් අපේ රසිකයාට මැජික් ලෙස සිරස ලබා දුනි.සිරස කුමරි වැනි වැඩසටහන් නිසා දෙරණද එවැනි වැඩසටහනක් කළෝය. වීට් මිස් ශ්‍රී ලංකා වු එම වැඩසටහන තුල ශ්‍රි ලාංකික තරුණියගේ නිරුවත කිසිම හිරිකිතයක් නැතුව ලෝකයාටම පෙන්විය.අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන???? පියයුරු එළියට පනින්න දගලන ,තනපුඩු කිටිකිටියේ පිටතට නෙරු බිකිනිය ?? අපේ අවුරුදු කුමරියන් කෙදිනක වත් මෙලෙස ඇද සිටියාද? අපි අසාවෙන් ඔවුන් දෙසා බලා සිටියේ ඔවුන් තුල තිබු සුන්දරත්වය දෙස මිස ඔවුන්ගේ තන පුඩු දෙස නොවන බව කිව යුතුය..ගමේ සිට නගරයට පැමිණෙන මල් කැකුළු තලා පොඩි කර මත්පැන් වීදුරුවට සුපිරි පැලැන්තියේ ඝනිකාවන් බවට පත් කරන මෙවැනි වැඩසටහන් තුලින් අපේ දේ රැකුණේ කෙසේද?? දෙරණට බනිනවාට වඩා සිරිසට බනින එක සාධාරණය..මක් නිසාද මේ වෛරසය ලංකාවට ගෙනාවේ ඔවුන්ය. 

නදි වාසලමුදලිආරචිචි

              මීට ටික කලකට ඉහතදී ජාතික පුවත්පතක විශේෂාංග අතිරේකයේ තිබු ලිපියක් මා මතකයට පැමි‍නේ.එහි ප්‍රසිද්ධ පුද්ගලයින් සමග සම්මුඛ සාකච්චා පවත්වන තීරයේ සිරස රුපවාහිනියේ වැඩසටහන් වල පෙනී සිටි නිවේදිකාවක වන නදී වාසලමුදලිආරච්චි සමග සංවාදයක් විය. ඇය ෆැමිලි චොයිස් වැනි වැඩසටහන් වලට දායක වු අතර ඇය ඒ ගැන පවසා සිටියේ සිරසේ වැඩකල කාලය පිලිබද කලකිරීමක් ඇති බවයි.ඇයට එකල එය තේරුම නොගියද පසු කලෙක ඇය සත්‍ය තේරුම් ගෙන තිබුනි. ඇය වැඩිදුරටත් පවසා සිටියේ සිරස විසින් තරුණ තරුණියන් පාට පාට ලොවක අතරමංකර අතහැර දමන බවයි.ඇත්ත වශයෙන් එය සැබැවක් බව මධ්‍යස්ථව බලන ඕනැම පුද්ගයෙකුට වටහා ගත හැක. සිරිස විසින් පෙන්වු ඒ සිහින ලෝකයේ අතරමං වුවෝ සහ අතරමං වෙමින් පවතින්නෝ සමාජයේ සුලභව දැකිය හැක. සිරිස විසින් සමාජයට දුන් හොද ආදර්ශද නැතුවා නොවේ. සුපර් ස්ටාර් වැඩසටහන, ඔබද ලක්ෂපති මමද ලක්ෂපති වැඩසටහන් පිලිබදව මා පෞද්ගලිකව සතුටු වේ. ඒ එම වැඩසටහන් නිසා ඉදිරියට ගිය පිරිසක් සහ දක්ෂතා සපිරි පිරිසක් බිහි වු බැවිනි. සිරස ප්‍රවෘත්ති තුල සිරස විමර්ෂන වැනි වැඩසටහන් ගැනද මා තුල ඇත්තේ සතුටකි. සිරස විසින් කල කී දැ නිසා සමාජයට  හොද ආදර්ශ වලට වඩා ලැබුනේ නරක ආදර්ශ බව පැහැදිලිවම කිව යුතුය.ඔවුන් දැන්වත් ඔවුන්ගේ වැරදි තේරුමගෙන යහපත් සමාජයක් බිහි කරළිමෙහිලා ඒ දැවැන්ත කාර්යබාරයට අතගැසිය යුතුව ඇත.නැතහොත් සමාජය අදුරෙන් අදුරටම යනු විනා කිසිදු ආලොකයක් දැකිය නොහැක්කේමය. 

16 comments:

  1. හැමදේම හොද හා නරක කියල 2ක් තියනව... රසිකය දැනගන්න ඕන මේ දේ වැලද ගන්න 1 හොදද නරකද කියල, අනික නාලිකාවකට වගකීමක් තියනව රටේ සංස්කෘතියට ගරුකරන්න.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මචන්..ඒත් හොදට වඩා නරක දේ වැඩි වු තැන ස්වභාවයෙන්ම මිනිසා වැරැද්දට පෙළඹෙන්න තියෙන හැකියාව වැඩිය. සිරස පැමිණෙන්න කලින් අනිකුත් නාලිකා කරපු හැම දෙයක්ම හොදයි කියන්නත් බෑනේ.නමුත් ඒ දේවල් සමාජයේ මිනිසුන් වැලදගත්තේ බොහොම අඩුවෙන්..

      Delete
  2. සියළු දේම සාපේක්ෂයි කියනවනෙ. සිරසෙ අනුගාමිකය වෙච්ච කොටසකුත් අපෙ රටේ ඉන්නවා. ප්‍රේක්ෂකයා විදිහට අපිට යුතුකමක් හා වගකීමක් තියෙනවා ගුණාත්මක දෙයක් නරඹන්න.ඒ අතරින් තරුණ තරුණියන් සුවිශේෂයි. නමුත් ඔබ කියන්නාක් මෙන් අද ඔවුන් ජීවිත් වන්නේ හීන ලෝක වල මOමුලා වෙලා. සිරස වගේ නාලිකා කියන්න හීන ලෝක වලට රූපවාහිනිය ඉදිරිපිට සිට ගෙන යන චූන් පහේ බැලුමක් වගේ කියලයි මට හිතෙන්නේ. නූතන පරම්පරාව වැටුනු තැනට වඩා ගැඹුරු හෙලකට ඉදිරි පරම්පරාව තල්ලු වීගෙන යන මේ පාපකර්මයේ උප්පැන්න සහතිකේට නම දෙන්න තමුන්ගේ ළමයි එක්ක තමුනුත් චූන් ගන්න දෙමව්පියොත් සූදානම් වෙනවද, එශ්ත් නැත්නම් තමුන්ගේ ළමයා ත්මන්ට "ඔයා" කියන තත්වෙට පත්කර ගන්නවද කියන එක හිතන්න ඕනෙ. දැන්වත් හරි දේ අරගෙන වැරදි දේ අයින් කරලා, හීන ලෝකෙන් මිදිලා තමන්ට ඔරොත්තු දෙන තමන්ගේ සOස්කෘතිය තුල ඉදගෙන ප්‍රායෝගික මිනිස්සු වෙමු කියලා ඉල්ලනවා. තවම අපිට ඒ හැකියාව තියෙනවා දෙවි පිහිටෙන්..........

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම මචන්...තවත් අපි ප්‍රමාද නැහැ..ඇත්තටම මෙවැනි බ්ලොග් පොස්ට් එකක් ලිවීමේ අරමුණ වන්නෙත් යම් කෙනෙකු මෙය දැක හෝ සත්‍ය අවබෝධ කරගෙන තමන්ගේ යහපත හා තමාගේ පවුලේ යහපත වෙනුවෙන් දැනුවත් වේවි කියන එකයි....තමාගේ බුද්ධිය මෙහෙයවා අනුන්ට ගැති නොවී ස්වධීන චින්තනයක් ඔස්සේ අපේ ජනතාවට ඉදිරියට යන්න පුලුවන්නම් මෙවැනි මාධ්‍ය වලට කල හැකි බලපෑම ඉතා අවමයි..ගැති වන්න වන්න ඔවුන්ට ජනයා අල්ලේ නැටවීමේ හැකියාව වැඩි වන අතර ඔවුන් කියන කියන පදයව නටන රූකඩ පිරිසක් බිහිවීම නොවැලැක්විය හැකි කරුණකි.

      Delete
  3. මම පුරුද්දක් විදියට ටී.වී. බලන කෙනෙක් නෙමේ.. ගෙදර අය බලනකොට ඇහැ ගැහුණොත් මිසක්.. ඒත් ඒ ඉඳල හිටල පේන දේවලින් මේ ලඟදි සිරසෙන් පටන් ගත්තු පුංචි එවුන් ටික විනාස කරන වැඩසටහන නම් ගොඩක් ලොකු විනාසයක් වෙන වැඩක්.. ඒත් දෙරණෙන් කෙරෙන එකනම් වටිනාකමක් තියනව.. මොකද ඒක ළමයින්ට සුදුසු විදියට තියනව කියල මට දැනිල තියනව.. අනිත් වැඩසටහන් ගැන නම් දන්නෙ නෑ දෙරණෙ යන.. මට වැඩිය දැනීමක් නෑ මේ ගැන කතා කරන්න.. හැබැයි දැනට මම දකින විදියට ජාතික රූපවාහිනිය නම් ඔය කුණු ගොඩවල් පටලගන්නෙ නැතුව හොඳ වැඩසටහන් ටිකක් කරනව ඇත්තටම ලස්සන සංවර විදියට.. අවුල තියෙන්නෙ ඒ වගේ වැඩසටහන් රටේ මිනිස්සුන්ට දිරවන්නෙ නැති එකයි.. රජයෙ නාලිකාවක් නොවුන නම් මේ වෙනකොට ඒකටත් වෙලා තියන දේ මට හිතාගන්න පුලුවන්.. සල්ලි පිටිපස්සෙම දුවන්න පුරුදු වෙච්ච මිනිස්සු නිසයි මේ හැමදේම වෙලා තියෙන්නෙ.. මිනිස්සුම මේ දේවල් තේරුම් අරගෙන හරි දේට තැන දෙනකං මේ දේවල් හැමදාම මේ විදියටම වෙයි.. තේරුම් කරල දෙන්න උත්සාහයක් ගන්න එක තමයි දැනට අපිට කරන්න පුලුවන් එකාම දේ..

    ReplyDelete
    Replies
    1. රජයේ නාලිකා (ස්වාධීන රූපවාහිනිය ගැන කතා කරන එකත් කාලය කා දැමීමකි) අතර විශේෂයෙන්ම ජාතික රූපවාහිනිය එදා සිට අද දක්වාම ප්‍රේක්ෂකයාට හරවත් යමක් දීමට කටයුතු කල නාලිකාවකි..ඒත් දේශපාලන උවමනාකම් නිසා අදවනවිට ජාතික රූපවාහානිය නරඹන පිරිස ඉතා සීමීත ප්‍රමාණයක් දක්වා පහත බැස ඇත.බොහෝ නිවෙස්වල ජාතික රූපවාහනිය දමන්නේම නැත. රජයට දැඩි ලෙස පක්ෂාග්‍රාහී වැඩසටහන් විකාශය කිරීම නිසා එය බලන්නේ දැන් කැපුවත් නිල් ආත්තම්ලා සීයලා පමණි. කොතරම් හරවත් වැඩසටහන් විකාශය වුවද ඒවා සමාජය වෙත ගෙනයාමට ජාතික රූපවාහිනිය අද අසමත්ය..කාල්ටන් රුපවාහිනි ය බිහිවීමත් සමග චැනල් අයි නාලිතාවටද කනකොකා හඩා අවසානය..දැන් වෙලද දැන්වීම් ගොඩාක් මැද අතරින් පතර මැච් එක බලාගැනීමට ප්‍රේක්ෂකයාට අවස්ථාව හිමිවේ..කාල්ටන් රුපවාහිනේ බලනවට වඩා ඩයලොග් ටි වී හරහා ප්‍රේක්ෂකයනි තරග නැරඹීමට දැන් පෙලඹි තිබේ..

      Delete
    2. ඒ කතාවනං සහතික ඇත්ත.. ඒත් මම ඔය දේශපාලනේ ගානකට ගන්නෙ නැති නිසා හිතන්නෙ නෑ ඔය ගැන.. අපක්ෂපාතී එක නාලිකාවක්වත් බෙහෙතකටවත් නෑ හොයාගන්න.. හැමදේම සල්ලියි බලයයි නිසා බෞම බලු වෙලා..

      Delete
  4. සිරස බලද්දි මගෙ සිරස රිදෙනවා. එක කාලයක් නම් මම ඒ දිහා බැලුවෙ ජන්මාන්තර වෛරක්කාරයෙක් දිහා බලනව වගේ. ඒත් දැන් නම් බලන්නෙ උපේක්ෂාවෙන්, මොකද අනිත් නාලිකා සේරමත් අඩු වැඩි වශයෙන් ඒ පාරෙම යන නිසා. (අනිත් එක මේ බ්ලොග් කෙරුවාවක් නිසා ටී වී බලන්න වෙලාවකුත් නෑනෙ)

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත සිදු අපිට තියෙන වැඩ කටයුතුත් එක්ක දැන් ටී වී බැලෙන්නම නැති තරම්...දැන් ඉස්සර වගේ ආසාවෙන් බලන්න එකම වැඩසටහනක් වත් ඇත්තෙත් නෑ...පුරුද්දක් වශයෙන් ප්‍රවෘත්ති ටික බලනවා විතරයි...ඕක වෙනුවෙන් වැය කරන කාලය
      යොදාගෙන බ්ලොග් පෝස්ට් එකක් කියෙව්වොත් සෑහෙන දෙයක් ජීවිතයට එකතු කරගන්න පුලුවන්...ස්තුතියි අදහස් දැක්වුවාට...

      Delete
  5. //ඉන්දියාවේ හෝ ප්‍රසිද්ධියක් නොමැතිව සිටි එම නිලියට ලංකාව තුල ලබා දුන් එම ප්‍රසිද්ධිය මට තවමත් මතකය.//

    දැන් ජැක්සන් ඇන්තනි පවා දගලන්නේ ඉන්දියාවෙන් ආනයනය කල පූජා උමා ශංකර් සමගය. මීට වග කිව යුත්තේ සිරස නොව ඊඒපී යයි. එකල සිරස ශාන්තීව ඔසවාගෙන ආවේද අපේ රටේ එකාලාගේ වටිනාකමක් නැති රුචිකත්වය නිසාමය. මාධ්‍යයක හැකියාව මිනිසුන් ඇද බැද තබා ගැනීමය. ඒ අතින් සිරස තම රස්සාව උපරිමයෙන් කරන්නේය. එය ජනතාව පැත්තෙන් බලා හොද දේ බදා ගෙන නරක දේ ඉවත් කිරීම ජනයා සතුය.

    //එමනිසා ඔවුන්ද සිරස අනුකරණය කරන්නට විය.//

    එය සිරසේ දක්ෂතාවයය. සිරස කරන දේ අනුකරන නොකර ඊට වඩා යමක් කරන්නට අනෙක් මාධ්‍යයට නොහැකි වීමට දුක් විය යුතු විනා සිරසට බැන වැඩක් නැත්තේමය. රාජ්‍ය මාධ්‍යය නැගිටවිය යුතුය. එක එකාගෙ රෙදි සේදිමට නොව ජනතාවට ඇත්ත පෙන්නා යහපත් දේ කිරීමටය.

    //මෙම නාඩගම තවත් ඉදිරියට ගෙනයමින් රන් දෙපැය (ගොන් දෙපැය) වැනි මෙගා වැලක් ඉදිරිපත් කිරීමට සිරස පසුබට නොවිණි.//

    බැලූ ජනතාව ගොන්ය. ඒ රටේ බහුතරය බව සැබෑය. රටේ බහුතරය එදා කල දේට වර්ථමානේ වන්දි ගෙවනවාය. ඒ වර්ථමාන දේශපාලනය හමුවේය.

    //ඇත්ත වශයෙන්ම සිරස ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයාගේ රසඥ හැකියාව දැන් විනාස කර හමාරය.//

    රසඥතාව කිසිවෙකුට විනාස කල නොහැක. බැලිය නොහැකි දේ පිරුනු මාධ්‍යයන් අතරින් බැලිය හැකි එකම දේ බලන සමාජයක් බිහිව ඇත. ඒ නිසා සිරස රසිකයන් ඇද බැද තබා ගැනීමට සමත්ය. අනෙක් මාධ්‍ය අවස්ථාවෙන් ප්‍රයෝජන නොගෙන සිරස යන මාවතේම යන්නෝය. ඒ සිරසට බනින අතර තුරමය.

    //ඇය ඒ ගැන පවසා සිටියේ සිරසේ වැඩකල කාලය පිලිබද කලකිරීමක් ඇති බවයි.//

    අවශ්‍ය පමනට නොලැබුන විට කියන කතන්දරය. වික්ටර් - නන්දා - සනත් - සුනිල් වැනි ප්‍රවීනයන්, මියැසි පෙල හර පාන්නේ අද වුවද සිරස නිසාය. ඔවුන් සිරසට කිසිත් නොකියති.

    //ඔවුන් දැන්වත් ඔවුන්ගේ වැරදි තේරුමගෙන යහපත් සමාජයක් බිහි කරළිමෙහිලා ඒ දැවැන්ත කාර්යබාරයට අතගැසිය යුතුව ඇත.//

    සිරස පමනක් නොව සියල්ලෝම කල යුතුය. සිරස තවමත් ඉහල සිටින්නේ අනික් ඒවාට කල හැක්කක් නොමැති නිසාය. ඔය උඩ සදහන් වෙන ලමයින් විකුණන් කෑම දෙරන කරද්දී කවුරුත් සද්ද නොමැත. ඉද හිට පොඩි සද්ද දැම්මද, සිරස ඉහලින් කරනු දුටු ඒ මාධ්‍ය කාරයින්ට පවා කුහකත්ව ඉපිද ඇත්තේය.

    මෙය බලන්න..

    සිරස දෙරණ මත සමපාත කිරීම

    ReplyDelete
  6. සිරස ගැන ෆේස්බුක් හි පළ වූ ඡායාරූපය මමද දුටුවෙමි. කරුණු කාරණා තත්වාකාරයෙන් අවබෝධ කර නොගෙන වියරුවෙන් මෙන් සිරසේ පළු අරින්නන් හට ඥාණය දීමට උත්සාහ නොදැරුවෙමි. මෙම ෆේස්බුක් පිටු ගැන යමක් කිව යුතුය බුදු දහම ආරක්ෂා කර ගත යුතු බව සැබෑය ඉස්ලාම් සහ වෙනත් අන්තවාදී ආක්‍රමණයන් මෙරට තුල සිදුවන බව ද සැබෑය, නමුත් ඉස්ලාම් අන්තවාදයට පිළිතුර බෞද්ධ අන්තවාදය නොවිය යුතුය. ඔවුන්ගේ අතිධාවන කාරී ගමන ගැන මට ඇත්තේ බියකි. මෙරට තුළ බුදු දහම ආරක්ෂා කර ගැනීමට අප අනුගමනය කල යුත්තේ ගාන්ධි තුමන් අනුගමනය කල "Protest via Non-Cooperation" වැනි අවිහිංසා වාදී ක්‍රමයක් බව අවධාරණය කර සිටිමි.

    බෞද්ධ සමාජය තුලම සිටිමින් සිල් රෙදි පොරවාගත්තවුන් මඟින්ද බුදු දහමට සිදුවන හානිය සුළුපටු නොවේ නමුත් මෙම ෆේස්බුක් පිටු ඒ ගැන නිහඬය, උදාහරණයක් ලෙස දැන් දෙවරක්ම පිට පිට පැවැත්වූ මහනුවර නගරයේ රාත්‍රී මෝටර් රථ ධාවන තරඟ සලකා බලමු. මහත් ශබ්ද සහ පරිසර දූෂණයක් සිදු කරමින් දළදා මාළිගාව ඉඳිරිපිටින් රථ වාහන තරඟ පැවැත්වීම තරම් මහා පරිසරවේදියෙකු වූ බුදුන් වහන්සේට කල හැකි තවත් අගෞරවයක් තිබේද? අනික එවන් රාත්‍රියන් වලදී අති පූජනීය මහනුවර නගරය සල්ලාලයන් සහ බේබද්දන් අරක් ගත් විශාලා මහනුවරක් බවට පත්වෙයි. මොටර් රළු වාහන ධාවන තරඟ පැවැත්විය යුතුය නමුත් ඒ සඳහා ජීවමාන බුදුන් වැඩ සිටිනවා හා සමානව සළකන දළඳා වහන්සේ වැඩ සිටින මහනුවර නගරයම කුමකටද?

    දඹුල්ල සිද්ධිය ගෙන බලමු, ඔවුන් එහිදී පතුරු ගසන්නේ බෞද්ධයා වෙනුවෙන් පෙනී නොසිටි සහ පොලීසියට නියෝග නිකුත් කරන රජයට නොව මහා සංඟරත්නයට බාධා කල පොලීසියට සහ හමුදාවටයි.

    දැන් සිරස දෙස හැරෙමු සියළු පෞද්ගලික නාලිකා එක හා සමාන වැඩ සටහන් විකාශය කරද්දිත් ඔවුන් බැන වදින්නේ සිරසට පමනි. අප බහුතර බෞද්ධයන් නගරයේ පන්සල් වලට පමනක් සීමා වෙද්දී වැසී යන දුප්පත් පන්සල් නගා සිටුවීමට සිරස දරන මෙහෙය ඔවුන් සම්පූර්ණයෙන් අමතක කර ඇත.

    දැන් ඔවුන් කුඩා දරුවන් සම්බන්ධ වැඩ සටහනක් උපුටා දක්වති නමුත් අවාසනාවකට ඔවුන් දෙරණේ විකාශය වන කුඩා දරුවන් ලවා වැඩිහිටියන්ගේ ගීත වන ප්‍රේම සම විරහ ගීත ගායනා කරවන‘දෙරණ ලිට්ල් ස්ටාර්‘ හි අඩුවක් නොදකිති. වැඩිහිටියන්ගේ මනසට ගෝචර වන එවන් ගීත තේරුම් ගත නොහැකි කුඩා දරුවන්ගේ මනස අපයෝජනය වීම ඔවුන්ට කොට ඇඳුමක් අන්දවනවාට වඩා බරපතල බව මතක් කර දිය යුතුය.

    කුඩා දැරිවියන් හට සිරස කොට ඇඳුමක් ඇන්දුවා යැයි බැන වදිති. කුඩා දැරිවියන් වේවා, වැඩිහිටි තරුණියන් වේවා කොටට ඇදීමෙන් නිරාවරණය වන ඔවුන්ගේ ශරීර අවයව දැකීමෙන් ලිංගික හැඟීම් ඇති වන්නේ නම් එය එම ඇඳුම් අදින්න්ගේ නොව එලෙස පහත් හැගීම් ඇතිවන්න්ගේ මනසේ ඇති අඩු ලුහුඩු කමක් බව මතක් කර දිය යුතුය. මෙලෙස කෑ ගසන්නන් තනි කරම සුදු චරිත විය හැකිද? නැත මන්ද කුඩා දැරියන් සහ තරුණියන් අපයෝජනයට ලක් කරන්නේද මෙවැනි මන්ද මානසික යන් වන බැවිනි. ස්ත්‍රී සිරුර නිරාවරණය වීම ඔවුන්ට ගැටළුවක් නම් ඔවුන් සහ අන්තවාදී මුස්ලිම් වරුන් අතර ඇති වෙනස කුමක්ද? මුස්ලිම් වරු තම ගැහැණුන්ව වසා තබන්නේ ඔවුන්ගේ සිරුරු දැක අනෙකුත් පිරිමින් ලිංගික හැඟීමක් ඇති කර ගනී යන ලිංගික ඊර්ෂ්‍යාව පෙරදැරි කරගෙනය. ඒ ඉස්ලාමය තුල මනස පාලනය කිරීම පිළිබඳ ඉගැන්වීමක් නැති බැවිනි. නමුත් මනස පාලනය ගැන මනාව ඉගැන්වෙන දහමක් පිළිපදින බෞද්ධයන් මෙලෙස හැසීරීම ලැජ්ජා සහගතය.

    ReplyDelete
  7. මෙය තේරුම් ගැනීමට නොහැකි බෞද්ධයන් හට බුදු වදනක් සඳහන් කරනු කැමැත්තෙමි.

    සංඛ්ප්ප රාගෝ පුරිසස්ස කාමෝ
    (මනුශ්‍යාගේ කාමය සිතේ ඇතිවෙන ස්ංකල්පනීය රාගයක් විතරයි )
    ණීතේ කාමා යානි චිත්‍රානි ලෝකේ
    (මේ බාහිර ලෝකයේ කාමය නම්වු චිත්‍ර නෑ )
    සංඛ්ප්ප රාගෝ පුරිසස්ස කාමෝ
    (මනුශ්‍යාගේ කාමය සිතේ ඇතිවෙන ස්ංකල්පනීය රාගයක් විතරයි )
    තඨ්ටන්ති චිත්‍රානි ඨතේව ලෝකේ
    (මේ ලෝකයේ බාහිර චිත්‍ර එසේම තියෙනවා )

    නිබ්ඹේදික සූත්‍රය - බුදු රජානන් වහන්සේ

    ඇත්තම කියනවා නම් සිරස ඔවුන්ගේ වෘත්තිය සාර්තකව කරන මාධ්‍ය ආයතනයකි. ශ්‍රී ලංකාවේ අන් සියළු නාලිකා සිරස කොපි කරනවා හැර එවන් ශක්‍යතාවක් පෙන්වනවා මා දැක නැත. ලෝක මාධ්‍ය බාවිතාව ගැන දන්නා අය ලිං මැඩියන් සේ සිරසට බනින්නේ නැත. බිකිනි අදින්නට අකැමති අයට සිරසේ තරඟ වලට නොඟිහින් සිටිය හැක, අනෙක තමන් ලද ජනප්‍රියත්වය වැරදි ලෙස භාවිතා කර හෝ අනවබෝධය හේතුවෙන් සමාජයේ වංචනිකයන්ට හසු වී හෝ චරිතය හානි කර ගත්තවුන් ගැන සිරස වග කියන්නේ මොකටද?

    සිරස යුද්ධය පෙන්නුවේ නැතැයි ද කියති රජයේ අවසරය නැතුව සිරස යුද්ධය පෙන්වන්නේ කෙසේද? සාම සාකච්ඡා යන කාලයේ කොටින්ට මහතා යැයි ඇමතුවේ සිරස පමනක් නොවේ එකල රජයේ මාධ්‍ය පවා කොටින් ඇමතුවේ එසේය. වෙනකක් තබා ආණ්ඩුවට හේත්තු වූ කොටින්ට රජයේ නාලිකා අදත් අමතන්නේ මහතා යනුවෙන් නොවේද?

    අවසාන වශයෙන් කිව යුතුයේ දූෂණය වංචාව සහ අසාධාරණය හෙළි කරමින් කොන්ද කෙලින් තබාගෙන අද ප්‍රවෘත්ති විකාශයක් ඉදිරිපත් කරන්නේ නම් ඒද සිරස පමනි. සිරස කෙරෙහි බොහෝ අය වෛර බැඳ ගැනීමට හේතුව මෙයම බව ප්‍රසිද්ධ රහසකි. මෙම ෆේස් බුක් පිටු පවත්වාගෙන යන දෙතුන් දෙනාගෙන් ඉල්ලීමට ඇත්තේ කිසිවකුට කඩේ යාමෙන් තොරව මධ්‍යස්තව, මනා හික් මීමකින් යුතුව තමන්ගේ කාර්යය ස්වාධීනව කරන්නේ නම් එහි වටිනාකම මීට වඩා වැඩි වනු ඇති බවය.

    ReplyDelete
  8. ගවේෂකයා වගේ ඊනියා බල සේනාවන්ගේ මොළ සේදීමට ලක් වූ මිනිස්සුන් ජීවත් වෙන්නේ මහා පුදුම පැරනොයිඩ් ලෝකෙක. ඒ ලෝකේ ඔවුන්ට පෙනෙන්නේ මේ මුළු ලෝකෙම සිංහලයව, බෞද්ධයාව මරාගෙන කන්න බලන් ඉන්නවා වගේ. මේක මතවාදයක් නෙමේ මානසික ලෙඩක්.

    ReplyDelete
  9. ඔබගේ අදහස් ඉතා වටිනවා.මමත් බ්ලොග් එකක් කරනවා.එන්න මගේ බ්ලොග් එකටත්.අපේඅදහස් 90 % ක් ම සමානයි.සිරස කළ විනාශය ඔවුන් සිතා මතා දීර්ඝකාලීන සැලසුම් ඇතිව කරන ලද්දක්

    ReplyDelete
  10. ඇයි අපි නොදන්න live

    ReplyDelete
  11. Betway Casino & Hotel - Mapyro
    Betway Casino & 논산 출장샵 Hotel, Betway Casino, 여수 출장샵 Betway 대전광역 출장안마 Casino, 문경 출장샵 Betway 여주 출장안마 Casino, Betway Casino, Betway Casino, Betway Casino, Betway Casino, Betway Casino, Betway

    ReplyDelete