Wednesday, June 27, 2012

සිරස හා අපි.....




(මෙම බ්ලොග් සටහන සොරි.කොම් ෆේස් බුක් සමුහය විසින් සකස් කොට පලකල ඉහත පෝස්ටුව වෙනුවෙන් ලියවුන කමෙන්ටුවක් වන අතර ෆේස බුක් තුල මෙය පලකිරීමට තිබු ගැටලුව නිසා මෙලෙස පලකර ඇත. සංවාදයට විවෘතයි.)

            ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය සැලකීමෙදි සිරසාගමනයත් සමග ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංස්කෘතිය උඩු යටකුරු වී ගිය බව කවුරුත් දන්නා සත්‍ය කරුණකි. ඔවුන් විසින් ආරම්බ කල විවිධාකාර වැඩසටහන් නිසා සිංහල බෞද්ධ සංස්කෘතියට වු පරිහානිය සුළු පටුනොවේ. සිරස විසින් ලංකාවට ගෙනා මුල්ම වෛරසය වුයේ මෙගා ටෙලිනාට්‍යයයි. ශාන්ති වැනි ඉන්දිය මෙගා නාට්‍ය වලින් ආරම්බ වු ඒ අදුරු යුගයේ අප තාමත් ගිලී සිටියි.එකල ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් උමතුවෙන් මෙන් ඒවායෙහි නිලියන්ට ඇලුම් කරන්නට විය. ප්‍රධාන ජවනිකාව රගපැ නිලිය ලංකාවට (මතකයේ ඇති පරිදි ඇයගේ නම අනුරාධා ශ්‍රී රාම්ය )ගෙන ඒමට සිරස කටයුතු කලෝය.කටුනායක සිට මල් පොකුරු රැගෙන ඇය පිලිගැනීමට සිටි ජනකායක් සුසන්තිකා ජයසිංහ ඔලිම්පික් දිනා පැමිනෙන විට සිටියාදැයි සැකයකි.සත්‍ය වශයෙන්ම සිරස ශ්‍රී ලංකික ප්‍රේක්ෂකයාව තමාගේ ග්‍රහනයට ගත්තේ ඔවුන් මෝඩයාට අන්දලාය.ඉන්දියාවේ හෝ ප්‍රසිද්ධියක් නොමැතිව සිටි එම නිලියට ලංකාව තුල ලබා දුන් එම ප්‍රසිද්ධිය මට තවමත් මතකය.මිනිසුන් නොකා නොබී මෙගා බලන යුගයකට ඇද දැම්මේ සිරස රෑපවාහිනිය බව එකහෙලාම කිව යුතුය.

           ඔවුන්ට සිරසක් තිබුනි එයත් නිකම් සිරසක් නොව කපටි කෛරාටික සිරසකි. අපේ අයට තිබු මෝඩ සිරස ඔවුන්ගේ සිරස විසින් තව තවත් අගාධයට ගෙන ගියා මිස යහපතට යෙදුවේ නැත. සිරසට ආකර්ශනය වු ප්‍රේක්ෂක ජනයා අනිත් නාලිකා දෙස ඇසක් ඇර බැලුවේ නැත. එමනිසා ඔවුන්ද සිරස අනුකරණය කරන්නට විය. ඔවුනුත් ඉන්දියාවෙන් කුනු ගොඩාක් ගෙන සිංහලට හඩ කවා විකාශය කරන්නට විය. දැන් හොද තරගයක් ඇති වී ඇත ප්‍රේක්ෂකයා හොල්මන්ය.සිරසේ එක බලනවද ස්වර්ණවාහියේ එක බලනවද? දෙකම තියෙන්නේ එකම වෙලාවට ඒ රාත්‍රී 8ට ..පවුලේ ,තාත්තා ප්‍රවෘත්ති බැලීමටද දුව සිරසේ නාට්‍ය බැලීමටද මව ස්වර්ණවාහිනියේ නාට්‍ය බැලීමටද තරග කරයි..අන්තිමට තරගය නිමවන්නේ සමහර විටක ගෙදර බඩු එහා ගෙදර මිදුලෙන් පසුදා අහුලා ගැනීමට වන තත්වයක් නිර්මාණය වීය.සිරස පසු කලෙක ලංකාවේ නලු නිලියන් යොදවා ඉන්දියාවෙන් කැමරා උපකරණ ආදිය ගෙන්වා වසුදා වැනි නාට්‍ය කලේය.එවිට අනිත් නාලිකාද එයම අනුගමනය කරමින් ලංකාවේ නලු නිලියන් යොදා මෙගා කිරීමට අවතීර්ණ විය. මෙම නාඩගම තවත් ඉදිරියට ගෙනයමින් රන් දෙපැය (ගොන් දෙපැය) වැනි මෙගා වැලක් ඉදිරිපත් කිරීමට සිරස පසුබට නොවිණි. මෙයද අනුකරණය කල අනික් නාලිකා රාත්‍රී 7 සිට 10 දක්වා එක දිගට මෙගා පෙන්වන්නට පටන් ගති.
  
          ඇත්ත වශයෙන්ම සිරස ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයාගේ රසඥ හැකියාව දැන් විනාස කර හමාරය. සිරස විසින් කල විනාශය අනිත් නාලිකා විසින් කරන ලද විනාශය මෙන් තුන් හතර ගුණයකි. අනිත් නාලිකා එම වැරදි මාවතට ඇද දැමුවේද සිරසයි.ඔවුන් එයටද වගකිව යුතුය. මෙහිදි මෙගා ටෙලි නාට්‍ය මම නිදසුනක් ලෙස ගත්තේ සිරස විසින් සිදු කල සියලුම දේවල් සිදු වුයේ මෙගා නාට්‍ය සමාජයේ ප්‍රචලිත කරවු ආකාරයටම නිසයි. ඉන්දියාවෙන් හෝ කෙහෙන් හෝ පිට රටකින් අමු අමුවේ කොපි කරන වැඩසටහන් අපේ රසිකයාට මැජික් ලෙස සිරස ලබා දුනි.සිරස කුමරි වැනි වැඩසටහන් නිසා දෙරණද එවැනි වැඩසටහනක් කළෝය. වීට් මිස් ශ්‍රී ලංකා වු එම වැඩසටහන තුල ශ්‍රි ලාංකික තරුණියගේ නිරුවත කිසිම හිරිකිතයක් නැතුව ලෝකයාටම පෙන්විය.අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන???? පියයුරු එළියට පනින්න දගලන ,තනපුඩු කිටිකිටියේ පිටතට නෙරු බිකිනිය ?? අපේ අවුරුදු කුමරියන් කෙදිනක වත් මෙලෙස ඇද සිටියාද? අපි අසාවෙන් ඔවුන් දෙසා බලා සිටියේ ඔවුන් තුල තිබු සුන්දරත්වය දෙස මිස ඔවුන්ගේ තන පුඩු දෙස නොවන බව කිව යුතුය..ගමේ සිට නගරයට පැමිණෙන මල් කැකුළු තලා පොඩි කර මත්පැන් වීදුරුවට සුපිරි පැලැන්තියේ ඝනිකාවන් බවට පත් කරන මෙවැනි වැඩසටහන් තුලින් අපේ දේ රැකුණේ කෙසේද?? දෙරණට බනිනවාට වඩා සිරිසට බනින එක සාධාරණය..මක් නිසාද මේ වෛරසය ලංකාවට ගෙනාවේ ඔවුන්ය. 

නදි වාසලමුදලිආරචිචි

              මීට ටික කලකට ඉහතදී ජාතික පුවත්පතක විශේෂාංග අතිරේකයේ තිබු ලිපියක් මා මතකයට පැමි‍නේ.එහි ප්‍රසිද්ධ පුද්ගලයින් සමග සම්මුඛ සාකච්චා පවත්වන තීරයේ සිරස රුපවාහිනියේ වැඩසටහන් වල පෙනී සිටි නිවේදිකාවක වන නදී වාසලමුදලිආරච්චි සමග සංවාදයක් විය. ඇය ෆැමිලි චොයිස් වැනි වැඩසටහන් වලට දායක වු අතර ඇය ඒ ගැන පවසා සිටියේ සිරසේ වැඩකල කාලය පිලිබද කලකිරීමක් ඇති බවයි.ඇයට එකල එය තේරුම නොගියද පසු කලෙක ඇය සත්‍ය තේරුම් ගෙන තිබුනි. ඇය වැඩිදුරටත් පවසා සිටියේ සිරස විසින් තරුණ තරුණියන් පාට පාට ලොවක අතරමංකර අතහැර දමන බවයි.ඇත්ත වශයෙන් එය සැබැවක් බව මධ්‍යස්ථව බලන ඕනැම පුද්ගයෙකුට වටහා ගත හැක. සිරිස විසින් පෙන්වු ඒ සිහින ලෝකයේ අතරමං වුවෝ සහ අතරමං වෙමින් පවතින්නෝ සමාජයේ සුලභව දැකිය හැක. සිරිස විසින් සමාජයට දුන් හොද ආදර්ශද නැතුවා නොවේ. සුපර් ස්ටාර් වැඩසටහන, ඔබද ලක්ෂපති මමද ලක්ෂපති වැඩසටහන් පිලිබදව මා පෞද්ගලිකව සතුටු වේ. ඒ එම වැඩසටහන් නිසා ඉදිරියට ගිය පිරිසක් සහ දක්ෂතා සපිරි පිරිසක් බිහි වු බැවිනි. සිරස ප්‍රවෘත්ති තුල සිරස විමර්ෂන වැනි වැඩසටහන් ගැනද මා තුල ඇත්තේ සතුටකි. සිරස විසින් කල කී දැ නිසා සමාජයට  හොද ආදර්ශ වලට වඩා ලැබුනේ නරක ආදර්ශ බව පැහැදිලිවම කිව යුතුය.ඔවුන් දැන්වත් ඔවුන්ගේ වැරදි තේරුමගෙන යහපත් සමාජයක් බිහි කරළිමෙහිලා ඒ දැවැන්ත කාර්යබාරයට අතගැසිය යුතුව ඇත.නැතහොත් සමාජය අදුරෙන් අදුරටම යනු විනා කිසිදු ආලොකයක් දැකිය නොහැක්කේමය. 

Wednesday, April 11, 2012

අවිනිශ්චිත හෝරාව....

         වෙලාව 2.42 යි..මාගේ පෙම්වතියගේ මල්ලිගෙන් ලැබුනු දුරකථන ඇමතුමකින් කියවුනේ කොළඹට භුමි කමිපාවක් සිදු වී ඇති බවයි..ඔහු ඇයගෙන් ඇසුවේ එවැනි දෙයක් සිදු වුවාදැයි කියාය..ඒ මොහොතේ අපි ගාලු දුම්රිය පොලේ බව ඔහු හීනයකින් වත් නොසිතන්නට ඇත..මමද මද සිනහවක් පෑවෙ හැමදාම බොරැ කරන මස්සිනා අදත් හෙන කෙබරයක් ඇද බා ඇතැයි සිතාය...මද වෙලාවකින් භුමි කම්පාවක් ගැන කසු කුසුවක් ඇසුන හෙයින් මමද නවතා තිබු නුවර දුමිරියෙන් බැස තොරතුරු සොයන්නට විය..දුම්රිය ආරක්ෂක නිලධාරිනියක් පැමිණ පැවසු දෙයින් මා අන්ද මන්ද වී ගියා සේය...සුනාමියක් පස්වරු 4.05 ගාල්ලට එන බව එම පුවතයි...ඒ මොහොතේ කුමක් කරම්දැයි සිතා ගත නොහැකි වු තැන ධාවනයට ඔන්න මෙන්න තිබු දුම්රියේ ගාඩ් මහතා සොයා ගියේ දුම්රිය ධාවනය වේදැයි සොයා බැලිමටයි.....’’අපිට දැනුමි දීමක් ලැබෙන කම් ට්‍රෙන් එක ගෙනියනවා..තව විනාඩි 5න් ට්‍රෙන් එක අද්දනවා...බය වෙන්න දෙයක් නෑ‘’අවුරුදු විසි ගනනක කොල්ලෙකු වු ගාඩ් මහතා එසේ සිනා සෙමින් මා සමග පැවසුවද ඔහුද හොද හැටියෙන් බිය වී සිටි බව පැහැදිලිය..
         පැරෑලිය මතක් වෙන විට දුමිරියට නගිනවා තියා ලග සිටීමත් සිතට බිය ගෙන දෙයි...සිත දෙගිඩියාවෙන් කුමක් කරන්නේදැයි සිතා ගත නොහැකිව කොහේදෝ තනි විය...දුම්රියේ නොගොස් ගාලු පාරේ බසයෙන් යෑම ඊටත් වඩා මෝඩකමක් බැවින් හයිවේ එකෙන් කොළබ යෑම ගත හැකි එකම ආරක්ෂාකාරි පියවර විය..එහෙත් ඒ මොහොතේ මා අත වුයේ 5 කාසි 4ක් සහ රුපියලේ දෙකේ කාසි කිහිපයකි....දුමිරියෙන් යාම විනා අන් කිසි පිලියමක් නොවු තැන නැවත දුම්රියට නගින්නට හැදුවා පමනිනිකුත් වු නිවෙදනයෙන් කියවුනේ සූනාමි අවදානම හේතුවෙන් දුම්රිය ධාවනය නොවන බවයි...මගින් හැකි ඉක්මනින් දුම්රිය ස්ථානයෙන් පිටවිය යුතු බව එයින් කියවිය...මා ද පෙම්වතියගේ අතින් ඇදගෙන දුමිරිය ස්ථානයෙන් පිට වුයේ ටිකට් පත් වලට ගෙවු මුදලද ඉතා ඉක්මනින් ලබා ගනිමිනි...වාසනාවට මෙන් ඇය අත රුපියල් 500 ක් තිබිනි..හයිවේ ගමනට රුපියල් 1000 ක් අවශ්‍ය වුවද ඉතුරු මුදල් සොයා ගැනීමට බැංකුවක් කරා යෑමට තරම් වාතාවරනයක් නොතිබිනි..
          මිනිස්සුන් හිස් ලු ලු අත දිවයයි..ඒ වන විටත් ගාලු බස් නැවතුමේ ඉහල මාලය පිරි ගොසිනි...කලයුත්තේ කුමක් දැයි මා හට සිතා ගැනීමට නොහැකිව හතර අත බැලිමි...ඇය මාගේ අත තදින් අල්ලා ගෙනය...මා කෙරේ සියලු විශ්වාසය තබා තිබු ඈ මා තරම් බිය වී සිටියා දැයි මා නොදනී...මිනිසුන්ගේ ඇස් වලින් ප්‍රකාශ වු හැගිම් සැබවින්ම ඇසට කදුලක් එක් කරයි..ගැහුනු ලමුන් කිප දෙනෙකුගේ ඇස් කදුළු වලින් බේරෙයි...දුරකථන ජාල කාර්ය බහුල වු බැවින් තමා සමග පැමිනි පුද්ගලයන් මගහැරුන අයවලුන්ට ඔවුන් සොයා ගැනීම එතරම් ලේසි පහසු නොවුනි..දහසක් බලාපොරොත්තු පොදි බැදගෙන නගරයට පැමින සිටි ජනයා බලාපොරොත්තු සුන් වු දැසින් ඔබ මොබ දිවු අයුරු මා හට කිසිදා අමතක නොවේ...
          මහරගම යන වැකිය කන වැකුන හෙයින් මා එදෙසට දිව ගියේ හයිවේ එකෙන් කෙසේ හෝ රට ඇතුලට යා ගැනීමට සිතාය..බසයට නැගි මා අසල සිටි කිහිප දෙනෙකුට මා හට ප්‍රමානවත් මුදලක් නොමැති නිසා උදව්වක් කිරීමට හැකි දැයි විමසුවෙමි...මැදි වියේ කාන්තාවක් හා වයසක පිරිමි පුද්ගලෙක් මා හට අවශ්‍ය  ඉතිරි මුදල් ලබා දුන්නේ කිසිදු පැකිලීමකින් තොරවය...ඔවුන් හට මා දහස් වාරයක් ස්තුති වත්ත විය යුතුමය....
         කිසිදු වෙනසක් නොමැති මහ සයුර අප ඉදිරියේය...සියලු දෙනා බලා සිටින්නේ බසය ගමන් ආර්ම්භ කරන තුරුය...මා හට එයද සැක සහිත විය හදිසියේ හෝ බසයද ගමන නවතා දැමුවහොත් ??..මාර්ග තදබදය නිසා බසය හයිවේ එකට ගැනිමට නොහැකි උවහොත් කරන්නේ කුමක්දැයි මා හට නොතේරේ...ජීවිතයේ ගෙවු නොඉවසිලිමත්ම විනාඩි කිහිපය වුයේ ගාල්ල බස් නැවතුම හා පින්න දූව අතර දුර ප්‍රමානයයි..කිසිදා පින්න දූවට නොගොස් සිටි මා පාර දෙපස දැන්වීම් පුවරු බලමින් අධි වෙගී පාර සෙව්වෙමි...ඉතා සෙමින් බසය ධාවනය වුවද පැයට කිලෝමීටර් දහස් ගනනක වේගයෙන් මා මනස එහෙ මෙහෙ දිව යයි...යම් තම් ඇගට ලේ ටිකක් ඉනුවේ බසය පින්න දූවට සේන්දු වු පසුය...
          සවස 3ට ආරම්භ වු අධි වේගි ගමන මට නම් ජීවිතයේ ගමන් කල මන්ද ගාමිම ගමන විය..සුන්දර මංපෙතක් ඔස්සේ වැටී තිබු අධි වේගී මාර්ගය සුන්දරත්වය විද ගැනීමට තරම් මානසිකත්වයක මම පසු නොවුයෙමි...අප ආරක්ෂාකාරි හෙයින් හිතට යම් සහනයක් දැනුනද ආරක්ෂාවක් නොමැතිව සිටි ජනතාව ගැන මහත් දුකක් ඇති වුනි..සැම හදවත් වල ප්‍රාර්ථනය වුයේ සුනාමි විපතක් නොවේවා යන්නයි...
          මාගේ උරහිසට හේත්තු වී සිටි ඇය තවතවත් මා අසල ගුලි වුයේ ආරක්ෂාව සොයන කිරිල්ලියක මෙනි..අප ගාලු පැමිණියේ අහන්බෙනි..උදැසන මා ඇය හමු වුයේ අවිස්සාවෙල්ල දක්වා දුමිරියෙන් ගොස් බෝපත් ඇල්ල නරඹා එන බලාපොරොත්තුවෙනි...එහෙත් අවිස්සාවේල්ල දුම්රිය අප කොළඔට ලගා වන විට අප පසු කර ගොස්ය...මා හිතවත් යහලුවෙකු වු සදරුවන්ගෙන් උදැසන ලැබුනු ආරන්චියෙන් අපට යාමට අළුත් ගමනාන්තයක් ලැබිනි..ඒ කොටුව මාතර දුමිරිය මාර්ගය අද උදැසන සිටි විවෘත බවයි....අප ගාලු යාමට සිතා ගත්තේ අළුත් පාරේ කෝච්චියෙන් ගාලු යාමට තිබු දැඩි ආසාව නිසාමය...කොච්චියෙන් ආ ගාලු ගමන ඇත්තටම සුන්දරය...මේ ඇයගේ කුළුදුල් ගාලු දුම්රිය චාරිකාවයි..මා හට අවුරුදු 7 කට පෙර මතකය අළුත් වීමකි...පැයට කිලෝ මීටර් 100 ක වේගයක් බලාපොරොත්තු වුවද පැයට කිලෝ මීටර් 75 ක් හෝ 80 කට වඩා වේගයෙන් දුම්රිය ගමන් කලේ නැත...මේ හේතුවෙන් අප ගාල්ලට එන විට වෙලාව 11.50  පසු විය....එනම් පැය 3 කට වැඩි දුම්රිය ගමනකි..
          දිවා ආහාරයෙන් පසු ඉතුරු වී තිබු කුඩා කාලය ගාලු කොටුවේ ඇවිදීමට අප යොදා ගතිමු..සවස 2.30 ට දුමිරිය ගාල්ලෙන් පිටත් වන හෙයින් හැකි ඉක්මනින් ජායාරූප කිහිපයක් මතක සටහන් ලෙස රුගෙන අප 2.15 ට ගාලු කොටුවෙන් නික්මුනද භුමි කම්පාවක සේයාවක් වත් අපිට දැනුනේ නැත...ආරන්චි වු පරිදි ගාල්ලේ දුම්රිය ස්ථානයේ සිටි අයටද මේ භුමි කම්පාව දැනී තිබුනි....  
           කිසිවකුට නොදන්වා පැමිනි ගමනක් හෙයින් රෑ බෝ වීමට මත්තෙන් ඇයව නිවසට ඇරලීම මා සතු වගකීමක් වීය...මා මෙ ගමන තනියෙන් පැමිනියා නම් කිසිදු ලෙසකින් මෙතරම් හදිසියෙන් කොළඹ පැමිනෙන්නේ නැත....මාගේ ජීවිතය ගැන මට බයක් නැත..එහෙත් මා සමග පැමිනි මේ අහින්සක කෙල්ලට කරදරයක් වෙයිදෝයි මා තුල වුයේ වචනයෙන් කිව නොහැකි හැගීමකි..කෙසේ හෝ කරදරයකින් තොරව හවස 4.15 වන විට අප හට කොට්ටාවට පැමිනීමට හැකි විය..කොළඹට සුනාමි අවදානම 4.50 වන තෙක් තිබු හෙයින් කොට්ටාවෙ සිට පිට කොටුවට යාම නැවතත් අනවශ්‍ය අවදානමක් ගැනීමක් යැයි සිතුන හෙයින් කොට්ටාව සිට බොරුල්ලටද එතනින් ඇති වාතාවරනය අනුව මරදාන හෝ දෙමටගොඩට යාමට සැලසුමි කරන ලදි....සුනාමි තත්වය පිලිබද අවදානම ක්‍රමයෙන් පහව යාමත් සමග මරදානට පැමිනි අපට සුපුරැදු පොල්ගහවෙල දුම්රියෙන් නිවෙස් වෙත පැමිනීමට හැකි විය...
          සුනාමියක් ලංකාවට ආවෙ නැත එය සැබෑය. බොහෝ දෙනාට හවස සිදු වු දෙය මේ වන විටද අමතක වී හමාරය..කෙනෙකුට මෙය සුනාමියක් එන්නෙත් නැතුව බොරුවට එහෙ මෙහෙ දිවිමක් පමනක් විය හැකිය... එහෙත් අද දිනයේ වු මේ සිදුවිමට  මුහුන දුන් අයට මෙය  ජිවිත කාලයටම අමතක නොවනු නොඅනුමානය... සුනාමිය නොආවද එය එතැයි දැන දැනත් ඉදිරි පැය දෙක තුන තුල තමුන්ගේ ජීවිතය තමන්ගේ පවුලේ අයගේ ජීවිත අස්ථාවර බව දැන දැනත් අසරන මහජනයාගේ ජීව්ත බේරා ගැනීමට උත්සුක වු පොලීසියේ හමුදාවෙ සහ අනිකුත් සේවා වල නියුතු වුවන් සියලු දෙනාම ජාතියේ වීරයන් බව කිව යුතුය.. ඔවුන්ට අපගේ ස්තුතිය පල කල යුතුය....

Tuesday, February 14, 2012

වැලන්ටයින් හා පෙම්වතුන්......

          අද දවස කවද්ද? අයියෝ ඒකවත් දන්නේ නැද්ද....අද වැලන්ටයින් දවසනේ...ඒ කියන්නේ පෙම්වතුන්ගේ දවස..‍කොල්ලෝ කෙල්ලෝ විතරක් නෙමෙයි ඉස්කෝලේ යන එක වසරේ පොඩි එකත් දෙන්නේ ඔන්න ඔය උත්තරේ..ඇත්තටම පෙම්වතුන්ට දවසක් ඕනද? වැලන්ටයින් දිනය මහ ඉහලින් සැමරිය යුතුද? මම පෞද්ගලිකව ඒ ගැන දරන මතය වගේ දේවල් ගැන කතා කරන්න තමයි මම මේ පෝස්ට් එක ලියන්න හිතුවේ...
          
            වැලන්ටයින් දිනය යනු වැලන්ටයින් සාන්තුවරයාට ගරු කරනු වස් නම්කරන ලද දිනයකි.මෙය ක්‍රිස්තියානි ආගමට සම්බන්ධ දිනයක් වන අතර වර්තමානයේ ශ්‍රී ලංකාව තුල ආගමික ස්වරූපයකින් සමරනවාට වඩා වාණිජමය සහ සමාජයීය ස්වරූපයකින් සමරනු ලබයි.වැලන්ටයින් දිනය අපේ සමාජය තුල එක් එක් සමාජ කොටස් එක් එක් ආකාරයට සමරනු ලබයි. පෙම්වතුන්ට මෙය පෙම්වතුන්ගේ දිනය වෙයි...වෙලෙදුන්ට මෙය වෙලෙදුන්ගේ දිනය වෙයි. අද දිනයේ ෆිල්ම් හෝල් එකකට, මල් වත්තකට වැරදිලාවත් නොයෑම නුවනට හුරුය. . ජීවිතේට ලව් නොකරපු කපල් අද එලියට බැස ඇත. 

              පෙම්වතුන් මේ රග දක්වන නාඩගම තේරුම්ගැනීමට නම් ඒ රාමුවෙන් එලියට ආ යුතුමය. මටද පෙම්වතියක් සිටියි. මමද පෙම්වතෙකි. එහෙත් මම වැලන්ටයින් සමරන්නේ නැත. පෙබරවාරි 14 යනු මට තවත් එක් දිනයක් පමණි. මට එහි කිසිදු විශේෂත්වයක් නැත. අද උදැසන ෆේස්බුක් වෙබ් අඩවියට පැමිණි මට වැලන්ටයින් දිනයට සුභ පතා සුභ පැතුම් පණිවිඩ රාශියක් දක්නට ලැබුනි. නිදහස් දිනයට ජාතික කොඩිය නොදැමු සමහරු අද හාට් එක ලොකුවට තමාගේ පිටුවට දමා ඇත. කොහෙන්දෝ කඩා වැටුන දිනයක් මහ ලොකුවට අඩ බෙර ගසා සමරන මොවුන්ගේ පුහු බොලද මානසිකත්වය මොනවට පැහැදිලි වෙයි.

              ජීවීතේට තමන්ගේ කෙල්ලව බලන්න නොයන කොල්ලා, අද උදේම හොදට ඇදගෙන රෝස මලයි,චොක්ලට් එකයි,කාඩ් එකයි අරගෙන ගිහිල්ලා කෙල්ලට දීම සැබෑ ඇදරයද? ආදරය යනු මෙය යැයි අර්ථ දැක්වීම අපහසුය. එහෙත් ආදරය යනු ජීවී දෙයක් මිස අජීවි දෙයක් නොවන බව අප තේරුම් ගත යුතුය.තමාගේ ආදරය පෙන්වීමට අනුන්ගේ දවසක් එන තුරු බලාසිටිය යුතු නැත. දවස් තුන්සිය හැට පහේදීම ආදරය ජීවි විය යුතුය. සරලවම කියතොත් හැමදාම ආදරය කල යුතුය. ඕනෑම පෙම්වතුන් යුවලකට පෞද්ගලිකව වැදගත්වන දින තිබේ  සංවත්සර දිනය හොද උදාහරනයකි. එවැනි දිනයක් සතුටින් සැමරීම වැලන්ටයින් වැනි අහසින් වැටුන දිනයක් සැමරීමට වඩා අගනේය. ඒ එය තමාගේම දිනයක් බැවිනි.

Sunday, February 12, 2012

අයිස්චර්ය උදා විය........

තෙල් වැඩි උනාට මහ රජිදුට දැනෙන් නැතේ...
බස් නැතිවුනාට නාමල් ලට කමක් නැතේ....
ජනයට විදුලිය නොමැති වුව රජ ‍ගෙට ලයිට් ඇතේ...
මේ ගැන කතා කෙරුමද අද පලක් නැතේ....


දැයට කිරුළ පළදන්නට කතාවේ...
ලොකු ලොකු ටෝක්ස් අද වේදිකාවේ...
දුප්පත් ජනයා දා මං මුලාවේ....
රුපියල පා වෙන්නේ අද හම්බන්තොට වරායේ...


ජාතිය බේරාදුන් ජෙනරල් හිරගෙදර...
කරුණා අම්මාන් රජ සැප රජ ගෙදර.....
හෙල්පින් හම්බන්තොට පැලැද රජ කිරුළ...
කරනා විගඩමෙහි ඉවරයක් නැත.....


රට ගැන හිතන විට දැනෙනා දුක් ගින්න
පවසන්නෙමි මෙලෙසින් අකුරු කොට
කවුරුන් හෝ කරන දෙයක් හොද
උස්සන්නෙමි මමත් හුනස්නෙන් නැගිට අත....