Sunday, February 12, 2012

අයිස්චර්ය උදා විය........

තෙල් වැඩි උනාට මහ රජිදුට දැනෙන් නැතේ...
බස් නැතිවුනාට නාමල් ලට කමක් නැතේ....
ජනයට විදුලිය නොමැති වුව රජ ‍ගෙට ලයිට් ඇතේ...
මේ ගැන කතා කෙරුමද අද පලක් නැතේ....


දැයට කිරුළ පළදන්නට කතාවේ...
ලොකු ලොකු ටෝක්ස් අද වේදිකාවේ...
දුප්පත් ජනයා දා මං මුලාවේ....
රුපියල පා වෙන්නේ අද හම්බන්තොට වරායේ...


ජාතිය බේරාදුන් ජෙනරල් හිරගෙදර...
කරුණා අම්මාන් රජ සැප රජ ගෙදර.....
හෙල්පින් හම්බන්තොට පැලැද රජ කිරුළ...
කරනා විගඩමෙහි ඉවරයක් නැත.....


රට ගැන හිතන විට දැනෙනා දුක් ගින්න
පවසන්නෙමි මෙලෙසින් අකුරු කොට
කවුරුන් හෝ කරන දෙයක් හොද
උස්සන්නෙමි මමත් හුනස්නෙන් නැගිට අත....

1 comment:

  1. මේ ගොබ්බයන්ට ඡන්දය දුන් දනන් හට
    හිතෙනවා අනින්නට විගසින් හොම්බටම
    තව දොහකින් එනකොට බඩු පෝලිමට
    තේරෙයි උන්ට මුන්ගේ හැටි ලස්සනට

    ReplyDelete