අදුරු
ආකාසයෙන් වැසි බිදු ඇදහැලෙමින් තිබුණි. විදුලිය විසන්ධි වි තිබුන නිසා සවස 7 වන්නටත් පෙර හාත්පස
පරිසරය අන්ධකාරයෙ සළුවෙන් වැසුණි. ඒ මීට අවුරුදු 9කට ඉහත නොවැම්බර් මස 3 වැනි දින ගොම්මන් යාමයේ
මාගේ මතකයයි. වෙනදා මෙන්ම අවසන් මොහොත දක්වා නිදාගන්නා මා පසු දිනද ඇහැරුනේ
දුම්රියට විනාඩි කිහිපයක් තිබියදිය. දඩි බිඩියේ පොත් බැගය කරට දමාගත් මා බාගෙට
හිස් කල කිරි කෝප්පය මේසය මත තබා දිව ගියේ දුම්රිය වාර ප්‍රවේශ පත්‍රයද අමතක කර
දමාය. එදිනද පුස්සැල්ල සර්ගේ පන්තියේ ඉස්සරහින් ගොස් ඉදිරි පෙල අසුනක වාඩි විමට
සිදුවන බව දැන සිටි මා හැකි ඉක්මනින් දුම්රිය අල්ලා ගැනිමට දුම්රිය ස්ථානයට දිව
ගියද වෙනදා මෙන්ම යාමට සිටි දුම්රිය මා දමා ගොස්ය. ඊලග දුම්රිය (ෆවුසිය) අල්ලා
ගැනිමට නම් මීරිගම දුම්රිය ස්ථානයට යාමට බස් රථයක මීරිගමට යා යුතුය.
විල්වත්ත බස්
නැවතුමට පිය නැගු මා හට අදුරේ කිහිප දෙනෙකුගේ කසු කුසුවක් ඇසුණි. එයින් කියවුනේ
ගැහැණු ලමයෙකු මරා දැමිමක් ගැන කතාවකි. මාද ඔවුන් හට කිට්ටු වී කවුද අයියේ මරලා
තියෙන්නේ කවද්ද වෙලා තියෙන්නේ යැයි ඇසුවේ සිදුවි ඇති අහස පොළොව නුහුලනා අපරාධය ගැන
කිසිදු දැනුමකින් තොරවය. ‘ඊයේ රෑ මරලා ගැහැණු ළමයෙක්ව කමතේ නිර්වස්ත්‍රව මිනිය
තියෙනවා’ යැයි කී වට කිහිප දෙනෙකු එය බලන්නට යන්නටද සුදානම් විය. දහසක් බුදුන්
බුදුවන හිමිදිරි පාන්දර අසන්නට ලැබුන ආරංචියෙන් සිත සසල වි ගිය අතර මීටර් කිහිපයක්
ඇතින් වු කමත දෙස බැලිමද භය උපදවන්නක් විය. සිද්ධිය පිලිබද රහස් පරීක්ෂක අදහස්
හිතේ මෝදු වෙමින් තිබියදි පැමිණ බසයට නැග ගැනිමට සිදු වුයේ පුස්සැල්ල සර්ගේ
පන්තියේ ඉස්සරහ පේලිය මතක් වු නිසාවෙනි. සමාධිය කරා පිය නැගු මා සිත තුල කිසිදු
සමාධියක් එදින නොවිය.
මේ සිදුවිම පිලිබද මාගේ සිත තුල වුයේ බලවත් කණගාටුවක් සහ
ජිවත් වන සමාජය පිලිබද බලවත් කලකිරිමකි. හවස් යාමේ ගෙදර ආ පසු සිදුවිම ගැන තොරතුරු
රාශියක් වටින් ගොඩින් ආරංචි විය. මේ සිදුවිමට මුහුණ පා සිටියේ නිෂාධි බුද්ධිකා
නමැති 26 හැවිරිදි
රූමත් තරුණියකි. ආරංචි වු පරිදි ඇය ඉතාමත් අහිංසක නිහතමානි තරුණියකි. ඇයට අත් වු
ඉරණම ගැන කදුළු නොසැලු පුද්ගලයෙකු සිටි නම් ඔහු අනිවාර්යෙන්ම නොමිනිසෙකි. වැඩ
නිමවි නිවස කරා පැමිණිමෙන් සිටියදි කාමතුරයෙකුට බිලිවු ඇය නිවස පෙනෙන නොපෙනෙන
මානයේ කමතක දහසක් දුක් විද මිය ගියේ මෙවන් සිදුවිම් මතු කිසිම ස්ත්‍රියකට උරුම
නොවේවායි යන හැගිමෙන් විය යුතුමය. මෙම සිදුවිම අද බොහෝ දෙනෙකුට අමතක වි ගොස් ඇති
බව සැබැය එහෙත් නිෂාධි බුද්ධිකා යන නාමය වඩේ සුදා යන නාමයන් ඇසුන විට බොහෝ දෙනෙකුට
මෙම සිදුවිම මතකයට පැමිණෙනු ඇත. ඇයට අත්වු ඉරණම එකල පුවත්පත් හා විද්‍යුත් මාධ්‍ය
හරහා මුළු ලංකාව පුරාම පැතිර ගිය අතර මෙවැනි අමානුෂික ඝාතන නැවැත්විමට එල්ලුම්ගස
ක්‍රියාත්මක කල යුතුයැයි එකල දැඩි මතයක් ඇතිවිය. එල්ලුම ගස සදහා අලුගෝසුවකු
නැත්නම් ඒ සදහා ඉදිරිපත් විමට ඇයගේ පියාණන් ප්‍රසිද්ධියේ කිහිප වතාවක්ම ඉල්ලිම්
කොට තිබුණි. එදා සිට අදවනතුරු ගැහුණු දරුවන් තරුණියන් කාන්තාවන් කොපමණ ප්‍රමාණයක්
අමානුෂික ලෙස දුෂණය කර මරා දැමුවාද? පසුගිය දිනක තවත් නිෂාධි කෙනෙකු මහියංගනයේ ගමක තේක්ක
කැලැවක මෙලොව හැරගිය අතර එම සිදුවිම මිට
අවුරුදු 9 කට ඉහත
සිදුවිම හා ඇති සමාන කම් මා ඔබට මෙම ලිපිය ගෙනහැර පැමට හේතු විය. බුදු දහමින්
පෝෂණය වු මේ පින්බිමේ මෙැවිනි අපරාධ සිදුවිම කෙතරම් නම් අභාග්‍යයක්ද.
ස්ත්‍රිය වු
කලි විටක පිරිමියකුගේ මව් වන අතර විටක
සහෝදරිය , බිරිද ,
දියණිය හා මිණිබිරිය
යන භුමිකාවන් සියල්ලටම හිමිකම් කියයි. එක පිරිමියෙකු හදා වඩා සමාජයට දායක කිරිමට
ගැහැණුන් කි දෙනෙක් මහන්සි වනවාදැයි ඔබ කවදා හෝ සිතා ඇත්ද? මවගෙ ජනන ඉන්ද්‍රියෙන්
ජාතක වි මවගේ තන පුඩුවෙන් කිරි බි වැඩි තවත් එවැනිම කාන්තාවක් බලහත්කාරයෙන් දුෂණය
කරා මරා දැමිමට තරම් පිරිමියකු සාහසික වන්නේ කෙසේදැයි සිතා ගැනිමද අපහසුය. සමාජය
මෙතරම් පහත් තත්ත්වයකට වැටිමට ඇති හේතු කාරණා සොයා බැලිම කාලින අවශ්‍යතායකි.
එල්ලුම් ගස ක්‍රියාත්මක කිරිම යනු සියලුම ප්‍රශ්න වලට විසදුම නොවන නමුදු එය
තාවකාලිකව යම් මට්ටමකට අපරාධ අවම කිරිමට ගත හැකි පිලියමකි. එහෙත් එහි ඇති ගැටලුව
වන්නේ අල්ලාගන්නා අපරාධ කරු සැබැ අපරාධකරුමද යන ගැටලුවයි. නිෂාධි බුද්ධිකා ඝාතනයේ
ප්‍රධාන සැකකරු ලෙස නම් කල වඩේ සුදා සැබැ ලෙසම අපරාධකරුම දැයි ඇයගේ පවුලේ
සාමාජිකයින් ,විල්වත්ත ගම්වාසින් මෙන්ම මා හිත තුලද විශාල කුකුසක් එදා සිට අද දක්වා ඉතුරු කොට
තැබුවේය. නඩුවේ අවසානයේදි ඇය වඩේ සුදා අතින් දුෂණයට ලක්වුවාදැයි යන්න පවා ඔප්පුකර
ගැනිමට අපෙහොසත් වි තිබිණි. වඩේ සුදා විසින් ඝාතනය පිලිගෙන තිබිම හමුවේ ඔහුට මරණ
දඩුවම නියම වුවද යම් කිසි අයුරකින් පොළඔවිමකින් මුදල් දිමකින් හෝ බලහත්කාරයෙන්
මෙවැනි පිලිගැනිම් සිදුවිය හැකි බව ඉතිහාසයේ සිදුවිම් (විශේෂයෙන්ම සේයා සිදුවිම
සැලකිමේදි )නිරික්ෂණය කිරිමේදි පැහැදිව පෙනි යයි. අපරාධ කරු හසුකර ගැනිමට මාධ්‍යයන්
මගින් සිදුකරනා අනවශ්‍ය බලපැම හා ප්‍රසිද්ධියද මෙවැනි අවස්ථාවල වෙනත් පුද්ගලයෙකු
මත වරද පැටවිමට හේතු කාරණා විය හැකියි. පොලිසියට මෙවැනි අපරාධයකදි දේශපාලන, මාධ්‍ය
හෝ අනිකුත් කිසිදු ආකාරයක බලපැමකින් තොරව ක්‍රියාත්මක විමට වටපිටාවක් සැදෙන්නේ නම්
මෙවැනි අපරාධවල නියම අපරාධ කරු අල්ලා ගැනිමට වැඩි හැකියාවක් ඇති බව මාගේ මතයයි.
කෙසේ
වුවද එල්ලුම් ගස යනු එකම හෝ සාර්ථකම විසදුම නොවන නමුත් එය තාවකාලිකව යම් කාලයකට
යම් වැරදි (විශේෂයෙන්ම ස්ත්‍රි දුෂණ) සදහා පමණක් හෝ ක්‍රියාත්මක කල යුතුයැයි මම
සිතමි. නීතියේ ඇති අඩු ලුහුඩු කම් හා නිති හරි හැටි ක්‍රියාත්මක නොවිමද මෙවැනි
අපරාධ වලට හේතු කාරණා විය හැකියි. එක වතාවක් ස්ත්‍රි දුෂණයක් හෝ අතවරයක් කල අයෙකු
ඇප දි නිදහස් කලහොත් එම පුද්ගලයා නැවත සාමාජගත වන්නේ පෙර වැරදි ඊටත් වඩා දරුණු ලෙස
කිරිමේ මානසිකත්වයකින් යුතුවයි. බොහෝ දුරට එවැන්නන් විසින් ඊලගට කරන්නේ දුෂණය කරන
තැනැත්තිය මරා දැමිමයි. වඩේ සුදා යනුත් එවැනිම ස්ත්‍රි දුෂණ හා කාන්තා අපචාර වලට
ප්‍රසිද්ධ තැනැත්තෙක් වන අතර ඔහු හිරගෙදරින් පැමිණ තුන්වන දින නිෂාධිගේ සිදුවිමට
සම්බන්ධ වි තිබේ. මහියංගනයේ පෙරේදා සිදු වු සිදුවිමටද හේතු වු පුද්ගලයා ස්ත්‍රි
දුෂණය (බාල වයස්කාර දැරියක් තබා ගැනිම) වෙනුවෙන් නඩු විභාග වු පුද්ගලයකු වග
කියවෙයි. මැත අතිතයේ සිදු වු සිදුවිම් සැලකිමේදි දුෂණය කර මරා දැමිම සිදු කල බොහෝ
සිදුවිම් වලට සම්බන්ධ අපරාධකරුවන් ඊට ඉහතදි ස්ත්‍රි දුෂණ හෝ අතවර වලට සම්බන්ධ වි
සිරගත වුවන් හෝ ඒ සදහා වරෙන්තු නිකුත් වි
සිටි බව නිරික්ෂණය කල හැකියි. එසේ නම් මෙවැනි විකෘති මානසික පුද්ගලයින් ඇප ලබා දි
හෝ වෙනත් අයුරකින් කිසිදු පුනරුත්තාපනයකින් තොරව සමාජ ගතකරන්නේ ඇයි?
විවිධ විකෘති ලිංගික මානසික තත්ත්ව වලින් පෙලෙන
පුද්ගලයින් අපට සමාජයේ දක්නට ලැබෙයි. කාන්තා යට ඇදුම් සොරකම් කරන්නන්, රාත්‍රි
කාලයේ නිවෙස් වලට නිර්වස්ත්‍රව එබි බලන බූලන්, හන්දිවල නිර්වස්ත්‍රව ගැවසෙන
පුද්ගලයින් ගැන ඔබ අසා මෙන්ම ඔබට අත්දැකිම්ද ඇති. මෙවැන්නන් අතින් ස්ත්‍රි දුෂණ
මිනිමැරුම් සිදුවිමට ඇති සම්භාවිතාව ඉතාම ඉහළයි. යම් ගමක ප්‍රදේශයක මෙවැනි අය ඉන්න
බව ගම්වැසියන්ට ආරංචි වෙනවනම් වහාම කාන්තාවන් ඒ ගැන ප්‍රවේශම් විය යුතුයි.
අපරාධකරුවන්ට අපරාධයක් කිරිමට නොහැකි වන ලෙස ආරක්ෂා විම වර්තමානයේ ඇති හොදම
පිලියමයි. කෙසේ නමුත් සමාජයක් ලෙස මෙවැනි දේවල් අපරාධ වලට එරෙහිව නැගි සිටිම
කාන්තාවන් සහ දරුවන්ගේ ආරක්ෂාව පිලිබද වැඩි සැලකිල්ලක් දැක්විම, දිර්ඝ කාලිනව
මෙවැනි අපරාධ අඩු කර ගැනිමට ඇති ක්‍රමවේද සොයා බැලිම රජයක මෙන්ම ප්‍රජාවගේද
යුතුකමයි.