Wednesday, December 31, 2014

අරවින්ද භුමි සහ ජන්තානේ වීරයෝ නොහොත් ගවේෂකයෝ






           අරවින්ද භුමි යන පුද්ගලයා සමග මීට දින කිහිපයකට ඉහත සිදුවු සංවාදයක් හේතු කරගෙන චමිල් විමුක්ති විරෝධයක් සහ මාගේ කන අතගැමේ ආසාවක් යම් පිරිසකට පහල වී ඇත. මෙයට හේතු විමසා බොහෝ දෙනෙක් මැසේජ් කල අතර සිදුවිම කෙටියෙන් විස්තර කිරිම අපහසු බැවින් සියලු දෙනාගේ දැනගැනිම පිණිස මෙසේ ප්‍රසිද්ධ කරනු ලැබේ. අරවින්ද භුමි යන නම මුලින්ම මට දැනගන්න ලැබෙන්නේ නඩේ ගුරා පරිසර සංවිධානය හරහාය. මමත් එයි සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇති බැවින් ඔහු ගැන යම් යම් දේ මා දනි. ඔහුව නඩේ ගුරා සංවිධානයෙන් ඉවත් කරන අතර මා නඩේ ගුරා සංවිධානයට සම්බන්ධ වන විට ඔහු එයින් ඉවත් කර තිබුනි. ඔහු සර්පයින් සම්බන්ධ යම් දැනිමක් සතු අයෙකු වේ. මා ඔහු ගැන අසා ඇති බැවින් ඔහුව මාගේ මිතුරෙකු කරගැනිමට මම තිරණය කලෙමි.අප බොහෝ සුහද සංවාද පවත්වා ඇත. ඔහුගෙන් මා නොදන්නා දෙවල් විමසා ඇත. මිත්‍රත්වය එසේ තිබියදි මුදුන (https://www.facebook.com/muduna?fref=ts)  නමැති ෆේස් බුක් පේජයක් මගින් පල කල පෝස්ටුවක් අරවින්ද භුමි විසින් ෂෙයා කර තිබුනි. පෝස්ටුව තුලින් පැවසුනේ අවාරයේ සිරිපා කරුණා නොකල යුත්තේ මන්ද යන්නයි. යම් අයෙකුට තමන්ගේ මතය, තමන් දන්නා දෙය ,තමන් අසා ඇති දෙයක් ශිෂ්ඨ සම්පන්න ලෙස ප්‍රකාශ කිරිමට අයිතියක් තිබේ. එය මුදුන පෝස්ටුව ලියු පුද්ලයාටද අයිතිය.      එය නිවැරදි හෝ වැරදි විය හැක. නමුත් එයට ප්‍රතිවිරුද්ධ මත දැක්විය යුතු ආකාරයක් තිබේ. භුමි විසින් එම පෝස්ටුව (https://www.facebook.com/aravinda.ranasinghe/posts/765103140239370?comment_id=766159180133766&notif_t=share_reply ) ෂෙයා කර තිබුනේ පෝස්ටුව ලියු පුද්ගලයාටද අපහාස කරමිනි.


 
// පච කියන්න එපා යකෝ.
තොගෙ බාප්පද හිමේ ඉන්න කුරු අලි 13 ගැන්නෙ..?
අබ ඇටයක් තරම්වත් තොට මොලයක් නෑ.නත්නම් කියයිද මලුවට අවාරෙට අලි එනවා කියලා.
සමන් දෙවියන්ගෙ පිහිටෙන් වාරෙ අවාරෙ ඇතිවෙනකන් අපි හිමේ ඇවිදල තියනවා.කිච වෙන්නේ නැතුව ඉඳපන්.//

             මෙහිදි අරවින්ද භුමි අවාරේ සිරිපා කරුණා නොකල යුතුයි යන්න අභියෝගයට ලක්කරමින් කතා කරයි. මා විසින් දන්නා සහ අසා ඇති කරුණු  ගොනු කර කමෙන්ටුවක් පලකල අතර පුද්ගලයින්ට අපහාස නොකරන ලෙස එහි සදහන් කෙරුණා. මෙහිදි අරවින්ද සමග ගැටුමක් ඇති කර ගැනිමට මට අවශ්‍යතාවයක් නොතිබුන අතර මාගේ මතය පලකිරිම පමණක් එහිදි සිදු කලා. මාගේ කමෙන්ටුව දැමු අවස්ථාවේ සිට අරවින්ද
මා සමග තරහෙන් පසුවන්නට උනා.

මාගේ දුරකථන අංකය ඉල්ලා සිටි අතර එය ක්‍රියා විරහිත බව සදහන් කල විට ඇයි බයේද? මට උබත් එක්ක අවුලක් තියෙනවා. මම උබට දුවන්න දෙන්නෙ යැයි වහසි බස් දොඩමින් රගන්නට උනා.







          පසුව සංවාදය ඉදිරයට ඇදී ගිය අතර සෑම අවස්ථාවකම මොහු ඉතා පහත් අයුරින් ඔහුට විරුද්ධ මත දැක්වුවන්ට පිලිතුරු සැපයුවා. මුල සිටම මොහු උත්සාහ කලේ වලියක් ඇද ගැනිමට බව මා වටහාගෙන තිබුනේ. එමනිසා මා බොහෝ ඉවසිමෙන් කටයුතු කලා. මොහු විසින් සදහන් කරන පරිදි මොහු 64 වතාවක් සිරිපා කරුණා කොට ඇත. මොහු මාසයකට සැරයක් සිරිපා කරුණා කරයි.



 මොහු සදහන් කරන පරිදි මොහු කතෝලිකයෙක් වන අතර ඔහුම සදහන් කරන පරිදි ඔහු වන්දනා කරුවෙක් නොවේ. එලෙසම මොහු කදු නගින්නෙකුද නොවේ. මොහු පරිසරවේදියකුද නොවේ. මොහු නිකන් ඇගේ අමාරුවට සිරිපා කරුණා කරන්නෙකුද නොවේ. මොහු පවසන පරිදි  මොහු සිරිපා කරුණා කරන්නේ යම් කරුණකටයි. මොහු ජිවත්ව සිටියහොත් නුදුරු අනාගතේ ලංකාවට ඒය පෙන්විමට මොහු සැලසුම් කරයි. ශ්‍රි පාදස්ථානය යනු යමෙකුගේ බුදලයක් නොවේ. මොහු කියන පරිදි කිසිවෙකුට මොහු කරන කියන දැ පිලිබදව ප්‍රශ්න කල නොහැක. කිසිවෙකුට මොහු කරන කියන දැ ගැන විමසිය නොහැක. මොහුට එසේ පැවසිමට ඇති අයිතිය කුමක්ද?  මා විසින් එලෙස කල ප්‍රශ්න කිරිම මොහුගේ කෝපය දෙගුණ තෙගුණ කරන්නට වුනා. මා සාධාරණ සැකයක් සහිතව ඔබ මාසකෙට සැරයක් සිරිපාදේ යමින් කරන්නේ කුමක්ද? යන්න විමසිමට පෝස්ටුවෙන් මෙලෙස විමසා සිටියා 

// ඇයි උබ එහෙම යන්නේ. සමහර විට උබ ජාන මංකොල්ල කරුවන් එක්ක එකතු වෙලා අපේ ලංකාවට ආවේනික සතුන් රට පටවනවා වෙන්න පුලුවන්. උබ අපේ සම්පත් විදේශිකයින්ට විකුණනවා වෙන්න පුලුවන්. උබ හොරෙන් අපේ සතුන් සහ ශාක වර්ග අපනයනය කරනවා වෙන්න පුලුවන්. යම් දෙයක් අරඹයා කෙනෙක්ගේ සුවිශේෂ උනන්දුවක් තියෙනවනම් ඒ ගැන සෙවිම ප්‍රජාවගේ යුතුකමක්.මොකද ශ්‍රිපාදස්ථානය කියන්නේ උබේ භුදලයක් නෙමෙයි. ඒ පරිසරයට කාගෙන් හෝ හානියක් වෙනවනම් අපි ඒකට විරුද්ධයි. උබ පොදු සමාජයට සාක්ෂි එක්ක හෙළි කරන්න ඕන මොකක්ද උබ ශ්‍රි පාද කන්දේ කරන්නේ? උබ මොනවද හොයන්නේ? උබේ අරමුණු මොනවද කියන දේ? එහෙම නොකරනවානම් මේ පෝස්ට් බලන යම් පරිසර සංවිධානයක අයෙක්ට පුලුවන් නිතිමය පැත්තෙන් උනත් කටයුතු කරන්න.මොකද ඔබේ හැසිරිම් සැකකටයුතුයි//

මෙම ප්‍රකාශය මගින් අරවින්ද භුමි යනු වැරදිකරුවෙක් ලෙස මා විසින් හංවඩු ගසා නැත. මා ශ්‍රි ලාංකිය පුරවැසියෙකු ලෙස මටද ඇති අයිතියෙන් සමනල කන්ද ශ්‍රි පාදස්ථානය ගැන මොහුගෙන් ප්‍රශ්න කලා පමණි. මොහු නිවැරදි කරුවෙකු නම් මොහුට කල යුතුව තිබුනේ මා හට ඉතා පහත් අයුරින් තර්ජනය කිරිම නොව මොහු නිවැරදි කරුවෙකු බව සමාජයට ඔප්පු කිරිමයි. නමුත් මොහු සිදු කලේ කුමක්ද?  මොහු යම් කිසි නිහැඩියාවකින් පසු ඊයේ එකවර අවදි විය. ඒ අවදි වුයේ තනිව නොවේ. ඔහු සමග නිදා ගත් තවත් පිරිමින් තිදෙනෙකු සමගයි. උජිත සේපාල , තිෂාන් හත්තලගේ, අනුෂ කෝට්ටෙගොඩ යනු එම තිදෙනායි.

            
            ඔවුන් තිදෙනා විසින්, වෙනත් අයෙකු නිර්මාණය කල ගවේෂකයෝ (https://www.facebook.com/gaweshakayo?fref=ts)  නැමැති හයිකිං ග්රුපයක් බලෙන් නතුකරගෙන දැන් වීරයින් වි සිටියි. ඔවුන් මේ කතාවට එක්වන්නේ කෙසේදැයි ඔබට දැන් ප්‍රහේලිකාවක් වනු ඇත. මුදුන පෝස්ටුවේ මම දමන කමෙන්ටුවක් තුලින් ගවේෂකයෝ ගැන සදහනක් කරයි. ගවේෂකයෝ යනු අවාරේ සිරිපා කරුණා කරන්න ගොස් ඇනගත් පිරිසකි. එය ක්ෂේත්‍රයේ සියල්ලොම දන්නා රහසකි. මා විසින් ඔවුන්ට සිදුවු මේ අකරතැබ්බය ගැන මුදුන පෝස්ටුවේ සදහන් කෙරුන අතර එය මෙම ගවේෂකයින්ගේ උදහසට හේතු වන්නට ඇත. වහාම අරවින්ද භුමි සමග සම්බන්ධතා ගොඩනගා ගන්නා මොවුන් මා හට පහර දිමට දැවැන්ත මඩ ව්‍යාපාරයක් දියත් කිරිමට සැලසුම් කරයි. එම සැලසුම ක්‍රියාවට නැගෙමින් ඊයේ දිනයේදි මා හට ඉතා පහත් අයුරින් අපහාස කොට මට පහරදි අම්මාගෙන බිව් කිරි කටෙන් එන තෙක් පහර දෙන බවට මට අනතුරු අගවයි. එම පෝස්ටුව පලවෙන මොහොත වන විට මෙය හුදෙක් අරවින්ද භුමි මා සමග වෛරය පිරිමසා ගැනිමට සිදුකල ක්‍රියාවක් බව සිතුනද ටැග් වි ඇති අයවලින් සහ මාගේ දුරකථනයට කතා කරමින් තිෂාන් දැක්වු අදහස්ද ඔහු එවා තිබු එස් එම් එස් එක තුලින් අරවින්ද භුමි කාගේ ක්‍රොන්ත්‍රාත්තුවක් සිදුකරන්නේ දැයි පැහැදිලි වෙයි. එය වඩා වඩාත් තහවුරු වෙමින් ගවේෂකයෝ දැඩි මඩ ප්‍රහාරයක් අදාල පෝස්ට් වල කමෙන්ට් කරමින් මාවෙත එල්ලකරයි.


ගවේෂක තිෂාන් පවසන පරිදි මාව ඉවත් කර ඇත.ගවේෂක නායක අනුෂ කෝට්ටේගොඩ පවසන පරිදි මට ඉවත් විමට සිදු වි ඇත. (සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට)


ගවේෂිකාවියක් විසින් ෂේම් ඔන් හිම් කියලා. එහෙන් මෙහෙන් කඩ්ඩ පොඩ්ඩක් මෙහෙයවලා අනේ පස්සේ කමෙන්ට් එකත් ඩිලිට් කරලා..ඒ ටිකට ෂේම් එක නැතිවෙලාවත්ද?


           
ගවේෂකයෝ යනු වෙනත්ප්‍රසිද්ධ කදු නැගීමේ ග්රුපයක් සමග වලියක් දාගෙන එයින් ඉවත් වි ආතක් පාතක් නැතුව සිටින විට මා සොයා ආ පිරිසකි. ඒවන විට කන්දක තබා ලන්දක වත් ඔවුනට අතරමං නොවි ගමන් කිරිමට හැකියාවක් නොතිබුනි. කිරිගල්පොත්ත සහ බතලේගල තරණය කර සිටි ඔවුන් මා සමග කදුනැගිමක නිරත වු අතර පසුව ඔවුන්ට දිගටම මාගේ හයිකින් ග්රුපය තුල රැදි සිටින්නට අවශ්‍ය විය. ඔවුන්ගේ ඇති අපරිනත භාවය සහ කදු දැක කුලප්පු සිටි ස්වභාවය තේරුම් ගත් මා සාවධානව ඔවුන්ට වෙනත් මාර්ගයක් පෙන්වා දිමට ඉදිරිපත් විය. මාගේ මිතුරක වු සුදාරගේ යෝජනාවට අනුව මමද සහායෝගය දි ගවේෂකයෝ බිහි කරන ලදි. එහි අදහස ග්රැපය නිර්මාණය කිරිම ලෝගෝ නිර්මාණය ආදි සියලුම අයිතිය ඇත්තේ සුදාර පතිරණටය. සුදාර මම සහ මේ නවක කදු නගින්නන් සමග රැස්වි ඔවුන්ගේ එකගතාව මත දක්ෂතාව හෝ අත්දැකිම් මත නොව වයස සලකා බලා නායකයෙකුද තෝරා ගන්නා ලදි. ඔහුගේ නායකත්වය යටතේ හයික් දෙක තුනකට සහභාගි වු මා හට මේ පුද්ගලයින්ගේ ක්‍රියාකලාපයන් සහ හැසිරිම් නොගැලපෙන බව වැටහෙන්නට විය. මොවුන්ගේ පිලිවෙත මට නොගැලපෙන්නට විය. ලංකාවේ කදු ගිලා බසිත් යැයි බයෙන් මෙන් පිස්සුවෙන් මෙන් කදු නගින්නට විය. ඔවුන්ගේ ඉවෙන්ට් වලට සහභාගි වන ලෙස දුරකථන ඇමතුම් දෙමින් බලකරන්නටද විය. සම්පත් වැනි අත්දැකිම් බහුල අයවලුන් නොසලකා අත්දැකිම් වලින් අඩු අයවලින්ගේ නායකත්ව යටතේ  මොවුන් ගන්න තීන්දු තිරණ වලට දිගටම එකග විමට මා හට මාගේ හෘද සාක්ෂිය ඉඩ නොදුනි. මා විසින් මොවුන් සියල්ලටම පැහැදිලිව කරුණු පහදා දි ගවේෂකයෝ සමුහයෙන් ඉවත්විය.


       මෙම ඉවත් විමට සමකාලිනව සුදාරද සමුහයෙන් ඉවත් වුයේ ඔහුටද මෙහි ඇති පිලිවෙත නුරුස්නා නිසාය.  දිගින් දිගටම තුන්වැනි පාර්ශවය ලෙස අපවාද නගමින් කණ්ඩායම තුල සිටි අත්දැකිම් බහුල සම්පත් ද අවාර ශ්‍රි පාද කරුණාවෙන් පසුව සමුහයෙන් ඉවත් විය. සුදාර සහ සම්පත් අය අයවලුන් පෙර සිටම මාගේ කදු නැගිමේ සමුහය තුල ක්‍රියාකාරව සිටි අයවලුන් වන අතර නැගි එන තරුණ ආධුනික කදු නගින්නට සහයෝගය දෙනු වස් ගවේෂකයෝ සමග අපි සම්බන්ද වි සිටියෙමු. නමුත් ඔවුන්ට අවශ්‍ය වි තිබුනේ කන්දක් දෙකක් නැග්ග පමණින් ක්ෂේත්‍රයේ ප්‍රවිණයින් සේ හැසිරෙන්නටයි. ඒ සදහා ඔවුන් අප සහ නඩේ ගුරා වැනි අනෙක් ප්‍රසිද්ධ පරිසර හා කදු නැගිමේ සංවිධාන වල සාමාජිකයින් ගවේෂකයෝ සමග කදු නගිතියි කියමින් වහසි බස් දොඩනු ලැබිය. මේ සියලු දේ තේරුම්ගත් අපි ගවේෂකයින්ගෙන් ඉවත් වි පුර්ණ කාලිනව අපගේ කදු නැගිමේ සමුහය ඉදිරියට ගෙනයාමට වැඩකටයුතු කලේය. ඔවුන් සමුහය තුල සිටි අත්දැකිම් වලින් බහුලව සාමාජිකයින් තිදෙනා ඉවත් වි යාම ඔවුන්ගේ කෝපය අවුස්සන්ට විය.ෆේක් එකවුන්ට් සාදා අපගේ ෆේස්බුක් සමුහය තුල කමෙන්ට් කල අතර ඔවුන්ගේ ක්‍රියාකලාපය හසු වු තැන එකවුන්ට් ඩිලිට් කර පැනයන්නට විය.
ඔවුන්ගේ ගවේෂක නම භාවිතා කරමින් යම් අයකු ෆේක් එකවුන්ට් එකක් සාදා ඇති අතර එයට අපගේ කිසිදු සම්බන්ධයක් නැති අතර හැකිනම් එය කලේ මා හෝ සුදාර විසින් යැයි ඔප්පු කලහොත් මා, සුදාර කිසිදු දිනෙක කදු නගින්නේ නැත.

           දුරකථන ඇමතුම් දෙමින් අප හන්තානේ සිරවි ඇතැයි බොරු ප්‍රචාර යවා ඇති මේ පිරිස අපහට හන්තාන කන්දවත් තරණය කරගත නොහැකි යැයි වහසි බස් දොඩා ඇත. පසු කලෙක මොවුන්ද හන්තාන තරණය කරන්නට ගොස් ඇති අතර පේරාදෙණි සරසවියේ සිසුන් කිහිප දෙනෙකු මගපෙන්න්නටද , මග පෙන්වන්නට නොවුනත් සෝබනයට GPS ඔරලෝසුවකුත් ගෙනගොස් ඇත. කෙසේ වුවද යම් තම් දනි පනි ගා හන්තාන කදු වැටිෙය් ඇත කෙලවරට නැගගෙන ඇති මොවුන් පහත GPS සටහන ඔවුන්ගේ ජේජ

යේ පල කොට අපි හන්තාන රේන්ජ් එකම කලා යැයි ලොරි ටෝක් දුන් අයුරු සියල්ලටම මතකය. පසුව අප විසින් ඔවුන් කර ඇති මුලාව සියල්ලටම හෙලි කල විට ඔවුන්ගේ අසාර්ථක GPS සටහන මකා දමා. නානාවිදි බොරු ගොතා අපට අපහාස කරන ලදි.



ඔවුන් විසින් අප්ලෝඩ් කර කදු නගින්නන් මුලාවේ දැමු GPS සටහන.මෙය පසුදින උදැසන විට ජේපයෙන් ඉවත් කොට තිබිණි

අප විසින් සිදු කරන ලද හන්තාන කදු තරණයේදි මාගේ GPS උපකරණයේ සටහන් කරගත් සටහන පහත දැක්වේ.වෙනස සසදා බලන්න.මොවුන් අඩුම තරමේ හන්තාන 1 හෝ 2 කදු මුදුන් එකක් වත් තරණය කර නොමැත.


මුලදි අපි හන්තානේ ගියා යැයි පවසා පසුව වෙනත් වෙනත් දැ කියන අපුරුව. මේ චැට් එක කියවා බලන්න. මොවුන් කොතරම් ලදරුවන්දැයි කියා ඔබට හැගේවි


                    ඔවුන් මා සහ සුදාර ගවේෂකයෝ තුලින් නෙරපා හැරි බව දිගින් දිගටම කියයි. මට කියන්නට ඇත්තේ ඔය කෙහෙම්මල් ග්රැපය මට සත පහකටවත් නොවටිනා අතර ඕකේ දවසක් හෝ රැදි සිටියේද
ගවේෂකයින්ගෙන් ඇති කන්කරච්චලය නිසාමය.  සෙක්ස් චැට් එකක් ගැන දිගින් දිගටම පවසන අතර මා කිසිදු අයෙකු සමග සෙක්ස් චැට් එකක් පවත්වා නැත. ඔය කියන සෙක්ස් චැට් එක ප්‍රසිද්ධ කරන මෙන් ඉල්ලා සිටිමි. මොවුන් කියනා පරිදි මොවුන් මා එලවා දමා ඇත්තේ සෙක්ස් චැට් කිරිම හේතුවෙනි. ගවේෂකයින් සමග කදු නගින්නන් දන්නවා ඇති කවුද හොදම සෙක්ස් චැට් ගවේෂකයා කියලා.හිකිස් කටින් හිනා යන්නේ නැ මුන් කියන ගොන් කතා වලට. අරවින්ද භුමි සහ ගවේසකයෝ ගෙනගිය මඩ ව්‍යාපාරයේ සත්‍යය තත්ත්වය සහ මෙහි පිටුපස ඇත්තෝ කවුද යන්න හෙලිදරව් වන්නේ එලෙසිනි. දන්නෝ දනිති.නොදන්නෝ ඇන ගනිති  ගවේසකයෝ ගැන කීමට ඇත්තේ එපමණකි.තවද ඔය මඩ පෝස්ටුවට කමෙන්ට් කරමින් මා හට මඩ ගසා ඇති සුරංජිද අල්විස් යනු කවුදැයි බොහෝ දෙනෙක් දනි. ඇය මිහිදු මා හිමියන්ට ප්‍රසිද්ධියේ අපහාස කල බෞද්ධයෙකු යැයි කියනා කතෝලිකයෙකි. සුසන්ත ඒකනායක යනු සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරය තුල සිටි සහෝදරියකගේ පෞද්ගලික ජායාරුප වෙනත් කණ්ඩායම් වෙත ලබා දි ඔවුන්ව අපහසුතාවය පත් කල පුද්ගලයෙකි. චමිර දේද්දුවගේ ගැන මුළු මහත් ලංකා වාසි සියල්ලෝම දනිති. අනිත් බොහෝ දෙනා මා සමග පෞද්ගලික කෝන්තර නැති වුවද අරවින්ද දිදිලුවා ලිම උදෙසා මට මඩ ගසනු පෙනේ. මම ඔබ ගසන මඩ භාරගන්නේ නැත. ගහලා ගහලා ඇති වෙලා එව්වා උබලම කාපල්ලා. මේ අවස්ථාවේදි සිංහල බෞද්ධ මතවාදි විරෝධින්, අන්‍යාගමික මිසදුටු කල්ලින්, පවතින ආණ්ඩු විරෝධින් හා දෙකයි පනහේ ගවේසකයෝ වැනි පිරිස් සියල්ල එක්වි අශුද්ධ සංධානයක් ගොඩනගා ගෙන මට මඩ ගසන අයුරු මා බලා සිටින්නේ උපේක්ෂාවෙනි. අරවින්ද භුමි කල තර්ජනය පිලිබදව මේ වන විටත් අදාල අංශ දැනුවත් කර ඇති අතර දිගටම තර්ජන පැවතුනහොත් ඉදිරි ක්‍රියාමාර්ගද නීත්‍යනුකුලව ගනු ලැබේ.ඔබට ජය!!!!

No comments:

Post a Comment