Wednesday, April 11, 2012

අවිනිශ්චිත හෝරාව....

         වෙලාව 2.42 යි..මාගේ පෙම්වතියගේ මල්ලිගෙන් ලැබුනු දුරකථන ඇමතුමකින් කියවුනේ කොළඹට භුමි කමිපාවක් සිදු වී ඇති බවයි..ඔහු ඇයගෙන් ඇසුවේ එවැනි දෙයක් සිදු වුවාදැයි කියාය..ඒ මොහොතේ අපි ගාලු දුම්රිය පොලේ බව ඔහු හීනයකින් වත් නොසිතන්නට ඇත..මමද මද සිනහවක් පෑවෙ හැමදාම බොරැ කරන මස්සිනා අදත් හෙන කෙබරයක් ඇද බා ඇතැයි සිතාය...මද වෙලාවකින් භුමි කම්පාවක් ගැන කසු කුසුවක් ඇසුන හෙයින් මමද නවතා තිබු නුවර දුමිරියෙන් බැස තොරතුරු සොයන්නට විය..දුම්රිය ආරක්ෂක නිලධාරිනියක් පැමිණ පැවසු දෙයින් මා අන්ද මන්ද වී ගියා සේය...සුනාමියක් පස්වරු 4.05 ගාල්ලට එන බව එම පුවතයි...ඒ මොහොතේ කුමක් කරම්දැයි සිතා ගත නොහැකි වු තැන ධාවනයට ඔන්න මෙන්න තිබු දුම්රියේ ගාඩ් මහතා සොයා ගියේ දුම්රිය ධාවනය වේදැයි සොයා බැලිමටයි.....’’අපිට දැනුමි දීමක් ලැබෙන කම් ට්‍රෙන් එක ගෙනියනවා..තව විනාඩි 5න් ට්‍රෙන් එක අද්දනවා...බය වෙන්න දෙයක් නෑ‘’අවුරුදු විසි ගනනක කොල්ලෙකු වු ගාඩ් මහතා එසේ සිනා සෙමින් මා සමග පැවසුවද ඔහුද හොද හැටියෙන් බිය වී සිටි බව පැහැදිලිය..
         පැරෑලිය මතක් වෙන විට දුමිරියට නගිනවා තියා ලග සිටීමත් සිතට බිය ගෙන දෙයි...සිත දෙගිඩියාවෙන් කුමක් කරන්නේදැයි සිතා ගත නොහැකිව කොහේදෝ තනි විය...දුම්රියේ නොගොස් ගාලු පාරේ බසයෙන් යෑම ඊටත් වඩා මෝඩකමක් බැවින් හයිවේ එකෙන් කොළබ යෑම ගත හැකි එකම ආරක්ෂාකාරි පියවර විය..එහෙත් ඒ මොහොතේ මා අත වුයේ 5 කාසි 4ක් සහ රුපියලේ දෙකේ කාසි කිහිපයකි....දුමිරියෙන් යාම විනා අන් කිසි පිලියමක් නොවු තැන නැවත දුම්රියට නගින්නට හැදුවා පමනිනිකුත් වු නිවෙදනයෙන් කියවුනේ සූනාමි අවදානම හේතුවෙන් දුම්රිය ධාවනය නොවන බවයි...මගින් හැකි ඉක්මනින් දුම්රිය ස්ථානයෙන් පිටවිය යුතු බව එයින් කියවිය...මා ද පෙම්වතියගේ අතින් ඇදගෙන දුමිරිය ස්ථානයෙන් පිට වුයේ ටිකට් පත් වලට ගෙවු මුදලද ඉතා ඉක්මනින් ලබා ගනිමිනි...වාසනාවට මෙන් ඇය අත රුපියල් 500 ක් තිබිනි..හයිවේ ගමනට රුපියල් 1000 ක් අවශ්‍ය වුවද ඉතුරු මුදල් සොයා ගැනීමට බැංකුවක් කරා යෑමට තරම් වාතාවරනයක් නොතිබිනි..
          මිනිස්සුන් හිස් ලු ලු අත දිවයයි..ඒ වන විටත් ගාලු බස් නැවතුමේ ඉහල මාලය පිරි ගොසිනි...කලයුත්තේ කුමක් දැයි මා හට සිතා ගැනීමට නොහැකිව හතර අත බැලිමි...ඇය මාගේ අත තදින් අල්ලා ගෙනය...මා කෙරේ සියලු විශ්වාසය තබා තිබු ඈ මා තරම් බිය වී සිටියා දැයි මා නොදනී...මිනිසුන්ගේ ඇස් වලින් ප්‍රකාශ වු හැගිම් සැබවින්ම ඇසට කදුලක් එක් කරයි..ගැහුනු ලමුන් කිප දෙනෙකුගේ ඇස් කදුළු වලින් බේරෙයි...දුරකථන ජාල කාර්ය බහුල වු බැවින් තමා සමග පැමිනි පුද්ගලයන් මගහැරුන අයවලුන්ට ඔවුන් සොයා ගැනීම එතරම් ලේසි පහසු නොවුනි..දහසක් බලාපොරොත්තු පොදි බැදගෙන නගරයට පැමින සිටි ජනයා බලාපොරොත්තු සුන් වු දැසින් ඔබ මොබ දිවු අයුරු මා හට කිසිදා අමතක නොවේ...
          මහරගම යන වැකිය කන වැකුන හෙයින් මා එදෙසට දිව ගියේ හයිවේ එකෙන් කෙසේ හෝ රට ඇතුලට යා ගැනීමට සිතාය..බසයට නැගි මා අසල සිටි කිහිප දෙනෙකුට මා හට ප්‍රමානවත් මුදලක් නොමැති නිසා උදව්වක් කිරීමට හැකි දැයි විමසුවෙමි...මැදි වියේ කාන්තාවක් හා වයසක පිරිමි පුද්ගලෙක් මා හට අවශ්‍ය  ඉතිරි මුදල් ලබා දුන්නේ කිසිදු පැකිලීමකින් තොරවය...ඔවුන් හට මා දහස් වාරයක් ස්තුති වත්ත විය යුතුමය....
         කිසිදු වෙනසක් නොමැති මහ සයුර අප ඉදිරියේය...සියලු දෙනා බලා සිටින්නේ බසය ගමන් ආර්ම්භ කරන තුරුය...මා හට එයද සැක සහිත විය හදිසියේ හෝ බසයද ගමන නවතා දැමුවහොත් ??..මාර්ග තදබදය නිසා බසය හයිවේ එකට ගැනිමට නොහැකි උවහොත් කරන්නේ කුමක්දැයි මා හට නොතේරේ...ජීවිතයේ ගෙවු නොඉවසිලිමත්ම විනාඩි කිහිපය වුයේ ගාල්ල බස් නැවතුම හා පින්න දූව අතර දුර ප්‍රමානයයි..කිසිදා පින්න දූවට නොගොස් සිටි මා පාර දෙපස දැන්වීම් පුවරු බලමින් අධි වෙගී පාර සෙව්වෙමි...ඉතා සෙමින් බසය ධාවනය වුවද පැයට කිලෝමීටර් දහස් ගනනක වේගයෙන් මා මනස එහෙ මෙහෙ දිව යයි...යම් තම් ඇගට ලේ ටිකක් ඉනුවේ බසය පින්න දූවට සේන්දු වු පසුය...
          සවස 3ට ආරම්භ වු අධි වේගි ගමන මට නම් ජීවිතයේ ගමන් කල මන්ද ගාමිම ගමන විය..සුන්දර මංපෙතක් ඔස්සේ වැටී තිබු අධි වේගී මාර්ගය සුන්දරත්වය විද ගැනීමට තරම් මානසිකත්වයක මම පසු නොවුයෙමි...අප ආරක්ෂාකාරි හෙයින් හිතට යම් සහනයක් දැනුනද ආරක්ෂාවක් නොමැතිව සිටි ජනතාව ගැන මහත් දුකක් ඇති වුනි..සැම හදවත් වල ප්‍රාර්ථනය වුයේ සුනාමි විපතක් නොවේවා යන්නයි...
          මාගේ උරහිසට හේත්තු වී සිටි ඇය තවතවත් මා අසල ගුලි වුයේ ආරක්ෂාව සොයන කිරිල්ලියක මෙනි..අප ගාලු පැමිණියේ අහන්බෙනි..උදැසන මා ඇය හමු වුයේ අවිස්සාවෙල්ල දක්වා දුමිරියෙන් ගොස් බෝපත් ඇල්ල නරඹා එන බලාපොරොත්තුවෙනි...එහෙත් අවිස්සාවේල්ල දුම්රිය අප කොළඔට ලගා වන විට අප පසු කර ගොස්ය...මා හිතවත් යහලුවෙකු වු සදරුවන්ගෙන් උදැසන ලැබුනු ආරන්චියෙන් අපට යාමට අළුත් ගමනාන්තයක් ලැබිනි..ඒ කොටුව මාතර දුමිරිය මාර්ගය අද උදැසන සිටි විවෘත බවයි....අප ගාලු යාමට සිතා ගත්තේ අළුත් පාරේ කෝච්චියෙන් ගාලු යාමට තිබු දැඩි ආසාව නිසාමය...කොච්චියෙන් ආ ගාලු ගමන ඇත්තටම සුන්දරය...මේ ඇයගේ කුළුදුල් ගාලු දුම්රිය චාරිකාවයි..මා හට අවුරුදු 7 කට පෙර මතකය අළුත් වීමකි...පැයට කිලෝ මීටර් 100 ක වේගයක් බලාපොරොත්තු වුවද පැයට කිලෝ මීටර් 75 ක් හෝ 80 කට වඩා වේගයෙන් දුම්රිය ගමන් කලේ නැත...මේ හේතුවෙන් අප ගාල්ලට එන විට වෙලාව 11.50  පසු විය....එනම් පැය 3 කට වැඩි දුම්රිය ගමනකි..
          දිවා ආහාරයෙන් පසු ඉතුරු වී තිබු කුඩා කාලය ගාලු කොටුවේ ඇවිදීමට අප යොදා ගතිමු..සවස 2.30 ට දුමිරිය ගාල්ලෙන් පිටත් වන හෙයින් හැකි ඉක්මනින් ජායාරූප කිහිපයක් මතක සටහන් ලෙස රුගෙන අප 2.15 ට ගාලු කොටුවෙන් නික්මුනද භුමි කම්පාවක සේයාවක් වත් අපිට දැනුනේ නැත...ආරන්චි වු පරිදි ගාල්ලේ දුම්රිය ස්ථානයේ සිටි අයටද මේ භුමි කම්පාව දැනී තිබුනි....  
           කිසිවකුට නොදන්වා පැමිනි ගමනක් හෙයින් රෑ බෝ වීමට මත්තෙන් ඇයව නිවසට ඇරලීම මා සතු වගකීමක් වීය...මා මෙ ගමන තනියෙන් පැමිනියා නම් කිසිදු ලෙසකින් මෙතරම් හදිසියෙන් කොළඹ පැමිනෙන්නේ නැත....මාගේ ජීවිතය ගැන මට බයක් නැත..එහෙත් මා සමග පැමිනි මේ අහින්සක කෙල්ලට කරදරයක් වෙයිදෝයි මා තුල වුයේ වචනයෙන් කිව නොහැකි හැගීමකි..කෙසේ හෝ කරදරයකින් තොරව හවස 4.15 වන විට අප හට කොට්ටාවට පැමිනීමට හැකි විය..කොළඹට සුනාමි අවදානම 4.50 වන තෙක් තිබු හෙයින් කොට්ටාවෙ සිට පිට කොටුවට යාම නැවතත් අනවශ්‍ය අවදානමක් ගැනීමක් යැයි සිතුන හෙයින් කොට්ටාව සිට බොරුල්ලටද එතනින් ඇති වාතාවරනය අනුව මරදාන හෝ දෙමටගොඩට යාමට සැලසුමි කරන ලදි....සුනාමි තත්වය පිලිබද අවදානම ක්‍රමයෙන් පහව යාමත් සමග මරදානට පැමිනි අපට සුපුරැදු පොල්ගහවෙල දුම්රියෙන් නිවෙස් වෙත පැමිනීමට හැකි විය...
          සුනාමියක් ලංකාවට ආවෙ නැත එය සැබෑය. බොහෝ දෙනාට හවස සිදු වු දෙය මේ වන විටද අමතක වී හමාරය..කෙනෙකුට මෙය සුනාමියක් එන්නෙත් නැතුව බොරුවට එහෙ මෙහෙ දිවිමක් පමනක් විය හැකිය... එහෙත් අද දිනයේ වු මේ සිදුවිමට  මුහුන දුන් අයට මෙය  ජිවිත කාලයටම අමතක නොවනු නොඅනුමානය... සුනාමිය නොආවද එය එතැයි දැන දැනත් ඉදිරි පැය දෙක තුන තුල තමුන්ගේ ජීවිතය තමන්ගේ පවුලේ අයගේ ජීවිත අස්ථාවර බව දැන දැනත් අසරන මහජනයාගේ ජීව්ත බේරා ගැනීමට උත්සුක වු පොලීසියේ හමුදාවෙ සහ අනිකුත් සේවා වල නියුතු වුවන් සියලු දෙනාම ජාතියේ වීරයන් බව කිව යුතුය.. ඔවුන්ට අපගේ ස්තුතිය පල කල යුතුය....

12 comments:

  1. උඹටත් කෙල්ලව උස්සගන රටවටේ යනවට හොඳ පාඩම :P හික්ස්... මරු නේ.

    ReplyDelete
    Replies
    1. හික්ස්..කෙල්ලගේ ආසාවනේ බන්....මටම හරියන කෙල්ල...ලංකාව වටේම උනත් යන්න මාත් එක්ක එයි....

      Delete
  2. මම උඹට කෝලුත් කලා බං.....උදේ දාපු පෝස්ට් එක දැක්කා කනාවට.. :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මල්ලි මාව මතක් උනාට...මම ඒක දැම්මෙත් කනාවට...ඒකෙනුත් සෑහෙන ප්‍රයෝජනයක් වුනා අන්තිමට...

      Delete
  3. පට්ට සිරා අත්දැකීමක් නේද චමිල්. කෙල්ලව පරිස්සම් කරගනින්. අයෙ ඔය වගේ කෙල්ලෙක් හම්බ වෙන නෑ උඹට .

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම මචන්...ජිවීතයේ ලබපු අමතක නොවන අත්දැකීමක්....උබ හරි මචන් එහෙම කෙල්ලෝ දැන් හොයාගන්න නෑ බන්..ඇත්තටම ආදරේ කෙල්ලෙක් ඉන්න එක හිතට ලොකු හයියක්...බොහොම ස්තුතියි මචන් කමෙන්ටුවට..

      Delete
  4. mara kathandare ban.maath ubath ekka hitiya wage denuna

    ReplyDelete
    Replies
    1. අපි කොහෙ ගියත් මචන් උබ හැමදාම අපිත් එක්ක හිටියා...මම ඒක හදවතින්ම අගය කරනවා බන්..ඒක ඇත්තටම ලොකු හයියක් උනා....

      Delete
  5. අවිනිශ්චිත හොරාව කෙසේ වෙතත් මෙය අවසාන හෝරාව වන්නටද ඉඩ තිබුනි.නමුත් ඔබ වන් කෙනෙක්ට එවන් ඉරනමක් අත් නොවෙනු ඇති බව මා හොඳින් දන්නා කරුනකි.සියල්ලන්ට බියෙන් තැතිගත් හෝරාවක් ගැන කියවීමට ඔබ ලියූ මෙම වදන් කීපය ඉතා අගය කරමි.
    ඔබට ජය

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචන්...අපි හැමෝගෙම වාසනාවට එහෙම දෙයක් වුනේ නෑ...කවදාවත් එහෙම දෙයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.....

      Delete
  6. පොස්ට් එක කියවද්දී ඒ වෙලාවේ තිබුණු හැගීම හිතට දැනෙන්න ලියල තියන වග නම් පෙනුනා. මමත් ඔය කියන වෙලාවේ කෝච්චියේ හිටියේ, ඒත් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටියට යන අතරේ. මට විස්තරේ කිව්වේ මගේ බිරිඳ, එයාගේ දුරකතනෙට ආව එස් එම් එස් එකක් ඔස්සේ. නාවලපිටියට නුවරට එහෙමත් ඔය භුමි කම්පාව දැනිල තියනවා. ඒත් අපිටනම් දැනුනේ නෑ.. කොහොම උනත් රටේ වාසනාව වගේම මිනිස්සුන්ගේ වාසනාව..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි යාලුවා...භුමි කම්පාව ලංකාවෙ ගොඩක් තැන් වලට දැනිලා තියෙනවා...විශේෂයෙන්ම ඉදගෙන හිටපු අයට තමයි මේක හොදටම තේරිලා තියෙන්නේ...මට හිතෙන්නේ මේක 2004 භුමිකම්පාව තරම් ප්‍රභල නොවුනත් අපිට පවා දැනෙන්න ඇත්තේ මේක තිරස්ව වුන හින්දා වෙන්න ඇති...ඒ හේතුව නිසාමනේ සුනාමියක් ඇති නොවුනෙත්....විශාල භුමි කම්පාවක් උන නිසා තවත් එවැනිම එකක් වීමට ඇති හැකියාව වැඩියි...ඒක නිසා ඉදිරි කාලය තුල ලංකාවෙ අයට ගොඩක් විමසිල්ලෙන් ඉන්න වෙයි........

      Delete