Tuesday, October 1, 2013

මාලුවෝ ඉගිලෙති..අපේ උන් පියාඹති....


 
                     ඔන්න ඒකත් බලලා ඉවර කලා...ඉගිල්ලෙන මාලුන් කිවාට ඉගිල්ලෙන මාලුන් සිටියේ නැත..අප ඉගිලෙන්න ගත්විට සමහර විට මාලුන් ඉගිලෙනවා ලෙස පෙනනවා විය යුතුයි...සමස්ථයක් ලෙස චිත්‍රපටය ගැන කිමට ඇත්තේ මේ වියදම් කල සල්ලි වලින් දුප්පත් මිනිස්සු සියක් දෙසියකට ආප්ප කන්න අරන් දුන්නා නම් හොද බව පමණි.සංජිව පුෂ්පකුමාරට පිං සිද්ධ වන්නට ගයේෂා අක්කිගේ කුක්කු දෙක දැකගැනිමට නම් අවස්ථාව ලැබිණි. ගයේෂා අක්කි කුක්කු නිකන් පෙන්වන්නේ නැත..ඒ සදහා ඇයට විශාල මුදලක් ගෙවිමට සිදුවන්නට ඇති බව නම් පැහැදිලිය. ඉගිලෙන මාලුන් වෙනුවෙන් දැඩි විරෝධතා එල්ලවිය. ශ්‍රි ලංකා යුද්ධ හමුදාව අපහාසයට අපකිර්තියට ලක්කරන බව ප්‍රධාන චෝදනව විය.ඇත්තටම එවැනි දෙයක් සිදුවි තිබේද? පිලිතුර ලෙස පැවසිය හැක්කේ පැහැදිලිවම ඔව් යන්න පමණි. චිත්‍රපටය සැදුවේ කාවෙනුවෙන්ද යන්න පැහැදිලිය. මෙය ලාංකික ප්‍රේක්ෂකයින් ඉලක්ක කර නොව බටහිර යුරෝපිකයින්ගේ මනදොල පිනවිම සදහා කල තවත් එක් විගඩමක් පමණි. මෙය ශ්‍රි ලංකාවේ තිරගත කිරිමට ප්‍රථම විදෙස් රටවල් රැසක තිරගත කොට ඇති අතර සම්මාන ද දිනා ඇති බව සදහන් වෙයි. ශ්‍රි ලංකාවේද මෙය තිරගත කොට ඇත්තේ ප්‍රංශ සිනමා උළෙලක් කේන්ද්‍ර කොටගෙනයි. සිංහල භාෂාව සහ දෙමළ බස යොදාගෙන කර ඇති මේ චිත්‍රපටය ලංකාවේ ප්‍රෙක්ෂකයින්ට පෙන්වන්නටත් ප්‍රථම ලෝකේ වටේ පෙන්වන්නේ කුමන පදනමක් යටතේද? හේතු කාරණා පැහැදිලිය. නෝර්වේ, ජර්මන් , ප්‍රංශ ආදි යුරෝපා රටවල දෙමළ ඩයස්පෝරාව ජයට ක්‍රියාත්මක වන අතර අදාල රටවල වෙසෙන ජනතාවට දෙමළ ඩයස්පෝරාව මවා ඇති චිත්‍රය හමුදාව යනු අමානුෂික පිරිසක් බව නොවේද? එ හරහා ඔවුන්ගේ අදෝනා පවසා කෝටි ගනනක් හම්බ කරගත්තේය..ඒ මුදලින් අපේ සෙබලාගේ පපුවට උණ්ඩය යැව්වේය. බටහිර යුරොපා ජාතිකයා ශ්‍රි ලාංකිය සිනමාවෙන් බලාපොරොත්තු වන්නේ ශ්‍රි ලංකා හමුදාව විනයගරුක මානුෂිය හමුදාවක් යන්න නොවෙයි. ඔවුන් චිත්‍රපටයක් නැරඹිමට ඉදගන්නේද  ලංකාවේ හමුදාවේ අමාණුශික ක්‍රියා ඇතොත් ඒවා බැලිමටයි. හරියට අපි බටහිර චිත්‍රපටයක ප්‍රධාන නලුවාගෙන හොද සටන් ජවනිකා ටිකක් බලාපොරෝත්තු වනවා සේය.ඉදින් සංජය පුෂ්පකුමාර ,විමුක්ති ජයසුන්දර ,අශෝක හදගම, ප්‍රසන්න විතානගේ වැනි මනස විකෘති වු සම්භාව්‍ය යැයි කියාගන්නා ඩයල් මේ කරුණ අරඹයා තමාගේ නිර්මාණය මෙහෙයවයි. සරලවම කියතොත් සුද්දා සතුටු කිරිමට චිත්‍රපටයක් හදයි. ඒ සදහා අමතර උත්ප්‍රේරකයක් ලෙස ස්ත්‍රි නිරුවතද භාවිතා කරයි. බටහිර ජාතිකයින් තුල ලාංකික කාන්තාවගේ නිරුවතට හොද ඉල්ලුමක් ඇති හෙයින් එය චිත්‍රපටය සදහා සුද්දන් ඇදගැනිමට අතිරේක සුදුසුකමකි. ඉහත මා නම් සදහන් කල පුද්ගලයින්ගේ චිත්‍රපටි තුල ඇති දෙයක් නැත. නැති දේකුත් නැත. අවසානයේ බලපු එකා අපරාදේ නාස්ති කරපු වෙලාව යැයි කියමින් චිත්‍රපටි ශාලාවෙන් නික්ම යනු දැකිය හැක. 

           අශෝක හදගම වරක් තමාගේ භාර්යාවගේ නිරුවත සම්භාව්‍ය යැයි කියමින් තනි තටුවෙන් ඉගිල්ලුවා හැරියේය. අශෝක හදගමලාට මාර දේවල් හිතෙන්නේය. අම්මා පුතා සමග නිරුවත් වි එකට නාමින් ආතල් ගන්නවා දැකිමට ඔහු සිහින මවන්නෙය. ඔහුගේ ඒ සිහිනය අක්ෂරය වි හදගම ගදගම වි නැවතුනේය.මේ සම්භාව්‍ය සිනමා කලාව බොහෝ දෙනෙකුට තේරෙන්නේ නැත. අඩුම තරමින් මේවල රගපාන උන්ටවත් මේකේ අගක් මුලක් තේරෙනවාදැයි නොදනිමි. ධාවන කාලය තුල වැඩිම වෙලාවක් ගතවන්නේ නිෂ්ෂබ්දවය. වතුර වැටෙන හැටි හදපායන හැටි කොල පැගෙන හැටි කොමන් ජවනිකා වෙයි. රගපාන නලු නිලියෝද එකමය. සුලග එනු පිණිස රගපැ සියල්ලන්ම පාහේ ඉගිල්ලෙන මාලුන් ලෙසද රගපායි. පරිසරයද එකමය. රූපරාමුද එකමය. බලන විට හැගෙන්නේ අනිච්චේ දුක්ඛේ වැනි හැගිමකි. මට ඇති ප්‍රශ්නය වන්නේ මා මේ චිත්‍රපටයෙන් ගත යුත්තේ කුමක්ද යන්නයි. එයට සංජය පුෂ්පකුමාරගේ පිලිතුර යුද්ධය නිසා ඇතිකල සමාජ පරිවර්තනය හෝ මොකක් හෝ බර බර වාක්‍යයක් විය හැක. සරලවම කියතොත් මෙහි සිදුවන සිදුවිම් ඇතිවිමට බලපැ ප්‍රධානම කරුණ යුද්ධය යැයි කිසිවෙකුට තර්ක කල නොහැක.මෙවැනි සිදුවිම් යුද්ධය නැතිව ඕනැතරම් සිදුවිය හැක. යුද්ධය නිසා ඇතිවු දේවල් හෝ නැතිවු දේවල් ගැන කියන්න අවශ්‍ය නම් යුද්ධය නිසා තමන්ගේ මව පියා අහිමි වි දුක්විදින ලමයෙක් ගැන කතාවක් කරන්නට තිබුනේය. පවුලේ තාත්තා බෝම්බයකට අසුවි මුළු ජිවිත කාලයම දුක්විදින පවුලක කතාවක් හදන්නට තිබුනේය. යුද්ධය නිසා අහිංසක සිංහල මිනිසුන් කපා කොටා මරා දමන එල් ටි ටි ත්‍රස්තයින් විසින් මවගෙන් කිරිබොන ලදරුවන් මරාදමන හැටි ගැන චිතුපටයක් හදන්නට තිබුනේය. ප්‍රසන්න විතානගේලා අශොක හදගමලා විමුක්ති ජයසුන්දරලා හෝ මේ සංජය පුෂ්පකුමාරලා එසේ කරන්නේ නැත. ඒ එවැනි චිත්‍රපටයක් බලාපොරොත්තු වන්නේ සිංහල ජනතාව විම නිසයි. එවැනි චිත්‍රපටයක් සාදා යුරෝපයෝ පෙන්වන්නට ගියනම් සමහර විට ඉගිල්ලෙන මාලුන් හදපු කෙනාගේ අහවල් එක කපාදැමිමට ඉඩ තිබුනි. මෙවැනි ජාතිද්‍රෝහි නිර්මාණ පෙන්වන්න දෙන මෙන් කැගසන හකුබැහැපු කසිකබල් වාමවාදි යැයි කියාගන්නා පිරිසකුත් වර්තමානයේ බිහිවි තිබේ. ඔවුන් කවුදැයි සොයාගැනිම එතරම් අපහසු නොවේ. 

               ඉගිල්ලෙන මාලුන් ආරම්භය ගන්නේ හමුදා සෙබලා යනු අමානුෂික පුද්ගලයෙකු බව ඉතා සුමට ලෙස ප්‍රකාශ කරමිනි. ඒ කෙසේද යත් බසය තුල සිටින දෙමළ ගැහැණු ලමයෙකු බසයෙන් නොබැසිම හේතුවෙන් උරණ වන සෙබලා ඇයට බසින ලෙස අණකරයි. ඇය අසනිප වි සිටින බව පවසයි. මේ දවස්වල හැමෝටම අසනිප තමයි යැයි පවසමින් ඇයව බසයෙන් බස්සවයි. ඇයගේ ගවුමේ පිටුපස ගැවි ඇති ලේ පැල්ලම පෙන්වන්නේ ඇය නැගි සිටින විටය. මෙයින් ගම්‍ය වන්නේ කුමක්ද? ස්ත්‍රියකගේ ස්වභාවික සංසිද්ධියකදි පවා මානුෂික නොවන හමුදාවක් ශ්‍රි ලංකාව තුල ක්‍රියාත්මක බව නොවේද?  ගයේෂා පෙරේරා සමග සංවාසයේ යෙදෙන පුද්ගලයාට හමුදා කොම්බැට් ෂර්ට් එක අන්දන්නේ ඇයි? ඔහු හුදෙක් හමුදා සෙබලෙක් යැයි පැවසිම පමනක් මෙහි අරමුණද? එයින් උලුප්පා පෙන්වන්නට උත්සාහ කරන්නේ හමුදාව තුල කිසිදු විනයක් නැති බව නොවේද? රාජකාරි වෙලාව තුල ලිංගික හැසිරිම් වල යෙදෙන හමුදාවක් ශ්‍රි ලංකාව තුල සිටින බව එයින් ලෝකයට හඩගා කියයි. එපමනක් නොව රාජකාරයට වාර්තා නොකර ගෙදර සිටින ග්‍රාමරාක්ෂකයා මහ රෑ ගෙයින් එලියට ඇද දමා දනගස්සවා නැවිම තුලින්ද පෙන්වන්නට උත්සාහ කරන්නේ හමුදාව අමානුෂික යැයි නොවේද?  මේවා සත්‍ය වශයෙන්ම සිදු වු බව කෙනෙක් පැවසිය හැක. සත්‍ය වශයෙන් සිදු නොවුනා යැයිද කිව නොහැකිය. එහෙත් ඔබ කිසිදු ඇමරිකාවේ නිෂ්පාදිත චිත්‍රපටයක ඇමරිකානු සෙබලා අමානුෂික ලෙස හැසිරෙන ආකාරයක් දැක තිබේද? ඇෆ්ගනිස්ථානය තුල කෙතරම් දුෂණ අපචාර ඇමරිකානු සෙබලුන් අතින් සිදුවුනද සැම චිත්‍රපටයකම ඇමරිකානු සෙබලා විරයෙකි. අපි උඩබලාගෙන අපිටම කෙල ගසගෙන ඇත. එය තේරුම්ගැනිමටද නපුංසක වාමවාදි ගොබ්බයින්ට කිසිදා නොහැක.

චිත්‍රපටය සම්පුර්ණයෙන් නැරඹිම සදහා පිවිසෙන්න