Tuesday, February 14, 2012

වැලන්ටයින් හා පෙම්වතුන්......

          අද දවස කවද්ද? අයියෝ ඒකවත් දන්නේ නැද්ද....අද වැලන්ටයින් දවසනේ...ඒ කියන්නේ පෙම්වතුන්ගේ දවස..‍කොල්ලෝ කෙල්ලෝ විතරක් නෙමෙයි ඉස්කෝලේ යන එක වසරේ පොඩි එකත් දෙන්නේ ඔන්න ඔය උත්තරේ..ඇත්තටම පෙම්වතුන්ට දවසක් ඕනද? වැලන්ටයින් දිනය මහ ඉහලින් සැමරිය යුතුද? මම පෞද්ගලිකව ඒ ගැන දරන මතය වගේ දේවල් ගැන කතා කරන්න තමයි මම මේ පෝස්ට් එක ලියන්න හිතුවේ...
          
            වැලන්ටයින් දිනය යනු වැලන්ටයින් සාන්තුවරයාට ගරු කරනු වස් නම්කරන ලද දිනයකි.මෙය ක්‍රිස්තියානි ආගමට සම්බන්ධ දිනයක් වන අතර වර්තමානයේ ශ්‍රී ලංකාව තුල ආගමික ස්වරූපයකින් සමරනවාට වඩා වාණිජමය සහ සමාජයීය ස්වරූපයකින් සමරනු ලබයි.වැලන්ටයින් දිනය අපේ සමාජය තුල එක් එක් සමාජ කොටස් එක් එක් ආකාරයට සමරනු ලබයි. පෙම්වතුන්ට මෙය පෙම්වතුන්ගේ දිනය වෙයි...වෙලෙදුන්ට මෙය වෙලෙදුන්ගේ දිනය වෙයි. අද දිනයේ ෆිල්ම් හෝල් එකකට, මල් වත්තකට වැරදිලාවත් නොයෑම නුවනට හුරුය. . ජීවිතේට ලව් නොකරපු කපල් අද එලියට බැස ඇත. 

              පෙම්වතුන් මේ රග දක්වන නාඩගම තේරුම්ගැනීමට නම් ඒ රාමුවෙන් එලියට ආ යුතුමය. මටද පෙම්වතියක් සිටියි. මමද පෙම්වතෙකි. එහෙත් මම වැලන්ටයින් සමරන්නේ නැත. පෙබරවාරි 14 යනු මට තවත් එක් දිනයක් පමණි. මට එහි කිසිදු විශේෂත්වයක් නැත. අද උදැසන ෆේස්බුක් වෙබ් අඩවියට පැමිණි මට වැලන්ටයින් දිනයට සුභ පතා සුභ පැතුම් පණිවිඩ රාශියක් දක්නට ලැබුනි. නිදහස් දිනයට ජාතික කොඩිය නොදැමු සමහරු අද හාට් එක ලොකුවට තමාගේ පිටුවට දමා ඇත. කොහෙන්දෝ කඩා වැටුන දිනයක් මහ ලොකුවට අඩ බෙර ගසා සමරන මොවුන්ගේ පුහු බොලද මානසිකත්වය මොනවට පැහැදිලි වෙයි.

              ජීවීතේට තමන්ගේ කෙල්ලව බලන්න නොයන කොල්ලා, අද උදේම හොදට ඇදගෙන රෝස මලයි,චොක්ලට් එකයි,කාඩ් එකයි අරගෙන ගිහිල්ලා කෙල්ලට දීම සැබෑ ඇදරයද? ආදරය යනු මෙය යැයි අර්ථ දැක්වීම අපහසුය. එහෙත් ආදරය යනු ජීවී දෙයක් මිස අජීවි දෙයක් නොවන බව අප තේරුම් ගත යුතුය.තමාගේ ආදරය පෙන්වීමට අනුන්ගේ දවසක් එන තුරු බලාසිටිය යුතු නැත. දවස් තුන්සිය හැට පහේදීම ආදරය ජීවි විය යුතුය. සරලවම කියතොත් හැමදාම ආදරය කල යුතුය. ඕනෑම පෙම්වතුන් යුවලකට පෞද්ගලිකව වැදගත්වන දින තිබේ  සංවත්සර දිනය හොද උදාහරනයකි. එවැනි දිනයක් සතුටින් සැමරීම වැලන්ටයින් වැනි අහසින් වැටුන දිනයක් සැමරීමට වඩා අගනේය. ඒ එය තමාගේම දිනයක් බැවිනි.

Sunday, February 12, 2012

අයිස්චර්ය උදා විය........

තෙල් වැඩි උනාට මහ රජිදුට දැනෙන් නැතේ...
බස් නැතිවුනාට නාමල් ලට කමක් නැතේ....
ජනයට විදුලිය නොමැති වුව රජ ‍ගෙට ලයිට් ඇතේ...
මේ ගැන කතා කෙරුමද අද පලක් නැතේ....


දැයට කිරුළ පළදන්නට කතාවේ...
ලොකු ලොකු ටෝක්ස් අද වේදිකාවේ...
දුප්පත් ජනයා දා මං මුලාවේ....
රුපියල පා වෙන්නේ අද හම්බන්තොට වරායේ...


ජාතිය බේරාදුන් ජෙනරල් හිරගෙදර...
කරුණා අම්මාන් රජ සැප රජ ගෙදර.....
හෙල්පින් හම්බන්තොට පැලැද රජ කිරුළ...
කරනා විගඩමෙහි ඉවරයක් නැත.....


රට ගැන හිතන විට දැනෙනා දුක් ගින්න
පවසන්නෙමි මෙලෙසින් අකුරු කොට
කවුරුන් හෝ කරන දෙයක් හොද
උස්සන්නෙමි මමත් හුනස්නෙන් නැගිට අත....